දිට්වා සුළි කුණාටුවෙන් රට විපතට පත් අවස්ථාවේ කිලිනොච්චියේ චුන්ඩිකුලම් කලපුවේ මෝය කට පුළුල් කිරීමේදී අනතුරට ලක්ව මිය ගිය නාවුක හමුදා නිලධාරින් 05 දෙනාගේ පවුල්වලට පවුලකට පවුම් දහස බැගින් ලබාදෙන්නැයි ඉල්ලමින් යාපනයේ පදිංචිකාරියකව සිට දැනට එක්සත් රාජධානියේ පදිංචිවී සිටින කාන්තාවක් පවුම් 5000 ක් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට භාරදී ඇතැයි එම කාර්යාලයේ අරංචි මාර්ග පවසයි.
එමෙන්ම බ්‍රිතාන්‍යයේ පදිංචි තරුණ පිරිසක් තමන්ගේ සංගීත කණ්ඩායමක් ගොඩනගාගෙන එය එළිදැක්වීමෙන් ලද සමස්ත ආදායම Rebuilding Sri Lanka අරමුදල් සඳහා යොදවන ලෙස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට බාරදී ඇත.
මේ වනවිට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් නිතර ආධාර ලැබෙමින් පවතින බවත්, පවුම් 22 සිට විවිධ ප්‍රමාණයෙන් එම ආධාර ලබා දෙන සියලු දෙනා දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේදී සහ ජන ජීවිතය යථාවත් කිරීමේදී මෙන්ම රට යළි ගොඩනැගීමේදී ලැබෙන ආධාර සම්පූර්ණයෙන්ම නාස්තියකින් දූෂණය කින් තොරව රජය විසින් භාවිතා කරන බවට විශ්වාසය පළ කර ඇති බවත් වාර්තා වේ.







