ගංගා පද්ධතියේ කිසිදු ගංඟාවක ජල මට්ටම අනතුරදායක මට්ටමකට වැඩිවීමක් දක්නට නොලැබෙන බව වාරිමාර්ග අධ්යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර පවසයි.
එසේම වාරි පද්ධතියේ ප්‍රධාන වැව් 73න් 30කට ආසන්න ප්‍රමාණයක් වාන් දැමුවද දැනට වාන් දැමීමේ තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත්, මධ්‍යම ප්‍රමාණයේ වැව් 22කට ආසන්න ප්‍රමාණයක් වාන් දැමුව ද අනතුරු දායක මට්ටමක නොපවතින බවත් වාරිමාර්ග අධ්යක්ෂවරයා පෙන්වා දෙයි.
ඊයේ(09) දිනයේත් පසුගිය පැය 24ක කාලය සළකා බැලීමේ දී විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට ආසන්න වර්ෂාපතනයක් ලැබී තිබිණි.
කෙසේ නමුත් ලංකාවේ අනෙකුත් බොහෝ ප්‍රදේශවලට ලැබී ඇත්තේ ඉතා සුළු වර්ෂාපතනකි.







