ගංජා සිද්ධියට සම්බන්ධ චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර අධිකරණය ඉදිරියේ වරදකරු වී මාස තුනක අත්හිටවූ සිරදඬුවම් වසර පහක් තිස්සේ විඳිමින් සිටින පුද්ගලයෙක් බව චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු කළේය.
මන්ත්‍රීවරයා පැවසුවේ මෙවැන්නකි.
“ ශාන්ත පද්මකුමාර මන්ත්‍රීතුමාට විරුද්ධව ඇඹිලිපිටිය උසාවියෙ අත් හිටවූ සිර දඬුවමක් තියනවා. මම මේක සභාගත කරනවා. මාස තුනකට සිරදඬුවම් දීලා ඒක අත්හිටුවලා තියනවා අවරුදු පහකට. ශාන්ත පද්මකුමාර ඇතුළු තුන්දෙනෙකුට තමයි මේ දඬුවම දීලා තියෙන්නේ. “
“ ශාන්ත පද්මකුමාර කියන ඔය පොලිස් නිලධාරියත් එක්ක ප්‍රශ්නය ඇතිකරගත් මන්ත්‍රීවරයා අත්හිටවූ සිරදඬුවමක් විඳින කෙනෙක්. මේකේ ඉන්න ඉතිරි දෙන්නගෙන් එක්කෙනෙක් තමයි ඇඹිලිපිටිය නගරාධිපති… මේක සභාගත කරනවා.”
මන්ත්‍රිවරයා එය සභාගත කරනු ලැබුවේ මහේස්ත්‍රාත් උසාවියේ නඩු වාර්තාවත් සමගිනි. චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා කීවේ ශාන්ත පද්මකුමාරගේ ඇඟ බැඳපු නඩුවේ දඬුවම් කාලය ගෙවී යෑම සඳහා තව මාස දෙකක් ඇති බවය.







