අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩු තොග අදින ධීවර යාත්‍රා නිරීක්ෂණය කළ නාකොටික් යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට IP අංක 57කින් ජාවාරම් කාරයින් ඇතුළු වෙලා! විශේෂ විමර්ශනයක් අරඹයි…

by editor
දෙසැම්බර් 20, 2025
in පුවත්
narcotic

narcotic

Share on FacebookShare on Twitter

මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කරන බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධව නිරීක්ෂණය කරන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට පිටස්තර පුද්ගලයින් ඇතුළුවීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

පද්ධතියට විවිධ අයි.පී. අංක 57කින් පුද්ගලයින් ඇතුළුවීම් තහවුරු කරගෙන ඇති බවත්, මෙම තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත් වී ඇති බවත් මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.

මත්ද්‍රව්‍ය තොග රැගත් බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධයෙන් තොරතුරු නිරීක්ෂණය කරනු ලබන VMS පරීක්ෂාව මගින් පසුගිය කාලයේ අවස්ථා රැසක දී මහා පරිමාණයෙන් මෙරටට රැගෙන ආ මත් ද්‍රව්‍ය තොග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

එවන් පසුබිමක දී අදාල තොරතුරු විමර්ශන නිලධාරීන්ට අමතරව මත් ද්‍රව්‍ය ජවාරම්කරුවන් අතට පත් වී ඇති බවට තොරුතුරු ලැබීමත් සමග පොලිස්පතිවරයාගේ උපදෙස් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

විවිධ අයි.පී අංක 57කින් පද්ධතියට ඇතුළු වී තොරතුරු ලබාගෙන ඇති පුද්ගලයින් කවුරුන්ද යන්න සොයාගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේනගේ උපදෙස් මත විමර්ශනයක් ආරම්භ කර තිබේ.

RelatedPosts

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

එමෙන්ම අදාල VMS පරීක්ෂාවට ඇතුළුවීම සඳහා බාහිර පාර්ශවයන්ට නොහැකිවන පරිදි එහි රහස් අංකය වෙනස් කර ඒවා නියෝජ්‍ය පොලිස්පතිට සහ අධ්‍යක්ෂවරයාට පමණක් ලබා දී ඇති බව ද වාර්තා වේ.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන බවට ලද තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශයක කාර්යාංශයේ උප පොලිස් පරික්ෂකවරුන් පස් දෙනෙකු වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු කිරීමට ද කටයුතු කර තිබේ.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අයත් සියලු නිලධාරීන්ගෙ වත්කම් බැරකම් පිළිබඳ විශේෂ පරීක්ෂාවක් පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශය විසින් අරඹා ඇත.

දැනට එම ඒකකයේ සේවය කරන නිලධාරීන් 400ක පිරිසකගෙන් දැනට නිලධාරීන් 20කගේ වත්කම් බැරකම් වාර්තා ලැබී ඇති බවත්, සැක සහිත වත්කම් බැරකම් සහිත නිලධාරීන් වෙතොත් වහාම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් ඉවත් කර ඔවුන් සම්බන්ධව විමර්ශන පවත්වා වැරදිකරුවන් වුවහොත් දැඩි දඬුම් පමුණුවන බව ද පොලිසිය පවසයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සූර්ය කුමාර් යාදේව්ගේ නායකත්වයෙන් ඉන්දීය 20යි විස්ස කණ්ඩායම නම් කරයි…  ශුබ්මන් ගිල් සංචිතයෙන් හැලෙයි… උප නායකත්වය අක්සාර් පටෙල්ට…

Next Post

Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.