අසේල කුරුළුවංශ
සමගි ජනබලවේගයට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ 2026 සඳහා වන අයවැය ලේඛනය අද (18) පරාජයට පත්විය.
ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 05 ක් ද විපක්ෂව ඡන්ද 07 ක් ද හිමිවිය.
ජාතික ජනබලවේගය නියෝජනය කරන සභිකයින් 07 දෙනා අයවැයට විපක්ෂය ඡන්ද දුන්හ. ඒ අනුව අය වැයට පක්ෂව ඡන්ද 05 ක් ද විපක්ෂව ඡන්ද 07 ක්ද හිමිවීම නිසා කඩුගන්නාව නගර සභාවේ අයවැය වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්විය.
කඩුගන්නාව නගර සභාවේ බලය පිහිටුවීමේදී සමගි ජනබලවේගයේ සභිකයින් 04 දෙනා සමඟ ශ්රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ හා ස්වාධීන කණ්ඩාම නියෝජනය කරමින් පත්වූ සභිකයින් සිව් දෙනා එක්ව කටයුතු කළහ.
ඒ අනුව සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී සමගි ජලවේගයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයාට ඡන්ද 08 ක් ද ජාතික ජනබලවේගයේ අපේක්ෂකයාට ඡන්ද 07 ක් ද හිමි වූහ.
අයවැය ඡන්ද විමසීමේදී සමගි ජනබලවේගය නියෝජනය කරමින් නගර සභාවට පත්ව සිටි සිව් දෙනා අතරින් සභාපතිවරයා හැර කාන්තා නියෝජිතයින් දෙදෙනෙකු හා තවත් අයෙකු සභාවට පැමිණ නොසිටීම විශේෂ සිද්ධියකි







