ආපදා හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට (16) යළි ආරම්භ කෙරේ.
බස්නාහිර, දකුණ, උතුර, සබරගමුව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල සියලුම පාසල් හෙට ආරම්භ වීමට නියමිතය.
ඌව පළාතේ පාසල් 26ක්, වයඹ පළාතේ පාසල් 06ක් සහ මධ්‍යම පළාතේ පාසල් 115ක් ලෙස පාසල් 147ක් හෙට ආරම්භ නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
හෙට පාසල් ආරම්භ වුවත් නත්තල් උත්සවය හේතුවෙන් යළි ලබන 22 දා සිට 28 තෙක් පාසල් යළි නිවාඩු දීමට නියමිතය.
29 වැනිදා යළි පාසල් ආරම්භවන අතර ජනවාරි 12 වැනිදා යළි පාසල් නිවාඩුවක් ලබා දීමට නියමිතව ඇත. එම නිවාඩුව නිමා වන්නේ ජනවාරි මස 20 වැනිදා ය. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව පැවසුවේ එම නිවාඩුව ලබා දීමට හේතුව වන්නේ දින නියමයකින් තොරව කල් දැමූ අපොස උසස් පෙළ විභාගයේ ඉතිරි විභාග දින පැවැත්වීම අවශ්‍ය පහසුකම් සැලසීමට බවය.
යළිත් පෙබරවාරි මස 14 දින සිට මාර්තු මස 02 දින දක්වා නැවත වරක් පාසල් නිවාඩු කාලයක් ප්‍රකාශ කිරීමට සිදුවන බව කී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා එම නිවාඩුව ප්‍රකාශ කිරීමේ අරමුණ 2025 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට මේ කාලය තුළ දින නියම කිරීම නිසා බව පැහැදිලි කළේය.
ඒ අනුව මින් පෙර සැලසුම්කළ කාල පරාසය තුළ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බව ලේකම්වරයා සහතික වුනේය.
පාසල් සිසුන්ට නොවැම්බර් මාසයට අදාල ලංගම වාර ප්‍රවේශ පත්‍රය භාවිතා කර දෙසැම්බර් මාසයේත් ජාතික ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කළ හැකි බව මේ වනවිට ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.







