බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙන් සිදුවන්නේ කුමක් ද? සරල පැහැදිලි කිරීමක්!

by editor
දෙසැම්බර් 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රීමතී විජේරත්න
නි‍යෝජ්‍ය විදුහල්පති, දෙමටමලුව මහා විද්‍යාලය, කුරුණෑගල –

දැනට ක්‍රියාත්මක වීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මේ වනවිට පොදු සමාජයේ ඇති වී තිබෙන්නේ යම් අපහැදිලිතාවයන් සහිත කුකුසකි.  මෙම  සරල පැහැදිලි  කිරීම සිදුකරන්නේ සිදුවෙමින් ඇත්තේ කුමක්ද යන්න සම්බන්ධව යම් අවබෝධයක් ලබා දීමේ පරමාර්ථය සහිතවය

  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංවර්ධනයේ ගමන් මග

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මූලික සාකච්ඡා සිදුවූයේ  2019 වසරේය. 2020 වසරේ ජාතික අධ්‍යාපන කොමිසමේ ප්‍රතිපත්ති සමග එකඟතාවය ලබාගත් අතරය ජාතික විෂය මාලා රාමුව සහ ගුරු ප්‍රමිති රාමුව සකස් කිරීම සිදු කෙරින.

2021 වසරේ 1, 6 සහ 10 ශ්‍රේණි සඳහා විෂය මාලා සංවර්ධනය සිදු කෙරුන අතර ජාතික ශිෂ්‍ය ඇගයීම් රාමුව සකස් කෙරින. 2022 වසරේ නියමු වැඩසටහන් මගින් දිවයින පුරා ඉගෙනුම් ද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂාව සිදුවිය. 2023 වසරේ විෂය මාලා සමාලෝචනය  ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සමඟ පෙළ ගැස්වීමත්, 2024 වසරේ නොවැම්බර් මාසයේ විෂය මාලා සමාලෝචනය ජාතික ජන බලවේගය අධ්‍යාපන ප්‍රතිපත්තිය සමඟ පෙළගැස්මක් සිදුවිය.

අනතුරුව 2025 වසරේ ප්‍රතිසංස්කරණ සඳහා කුළුණු පහක් හඳුන්වාදීම සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ව ක්‍රියා මාර්ග ගනු ලැබිණ.  2020 , 2022, කොවිඩ් 19 කාල වකවානුවත්, 2022, 2023, 2024 වසරවල ආර්ථික අර්බුද කාල වකවානුවත් නිසා මෙම ප්‍රතිසංස්කරණ ප්‍රායෝගිකව සිදුකිරීම පමා වූ අතර, 2025 නව ආණ්ඩුව යටතේ එය ක්‍රියාත්මක කිරීම සිදුකරනු ලබයි.

මෙනයින් බලන කල මෙම ප්‍රතිසංස්කරණ දිගු කාලීන වෑයමක ප්‍රතිඵලයක් මිස එක්වරම හටගත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් නොවන බව පැහැදිලිය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

  • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඉලක්ක සහ අරමුණු

විසි එක්වන ශත වර්ෂයෙන් හා ඉන් ඔබ්බට ඇතිවන අභියෝගයන්ට මුහුණ දිය හැකි මෙන්ම තිරසර ජාතික සංවර්ධනයට සහභාගී වී රටේ සංවර්ධනය උදෙසා දායක විය හැකි පුරවැසියෙකු බිහි කිරීමේ පදනම සකස් කිරීම මෙහි ඉලක්කයයි.

අරමුණු ලෙස හඳුනාගෙන ඇත්තේ,

  1. විෂය මාලාවේ අදාලත්වය සහ ගුණාත්මක භාවය ඉහළ නැංවීම
  2. දරුවන්ගේ ඉගෙනුම් ඵල ඉහළ නැංවීම.
  3. විද්‍යාව සහ තාක්ෂණ විෂය ධාරාවට දරුවන් ඇතුළත් වීම ඉහල නැංවීම.
  4. තිරසර සංවර්ධන ඉලක්කයන් සහ පුරවැසි අධ්‍යාපන ප්‍රවර්ධනය.
  5. විසි එක්වන සතවර්ශයට අවශ්‍ය කුසලතා දරුවන් තුළ ඇති කිරීම.
  6. සමාජ සාධාරණත්වය සහ අන්තර් කරණයේ තහවුරු කිරීම.
  7. පාසල් ප්‍රජා සම්බන්ධතා ශක්තිමත් කිරීම
  8. ජාතික අධ්‍යාපන ඉලක්ක හා අනුගතවීම.
  9. දරුවන් තුළ ව්‍යවසායකත්ව මානසිකත්ව ප්‍රවර්ධන  යන ඒවාය.

 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා  මාර්ගෝපදේශක මූලධර්ම

  1. නිදහස් අධ්‍යාපනය සහ සම ප්‍රවේශය
  2. මානව සංවර්ධනයට සහ සේවා නියුක්තියට අදාලත්වය.
  3. සියල්ලන්ටම පිළිගත හැකි බව.
  4. සමාජයට වග වන පුරවැසියන් .
  5. තිරසර බව සහ නවෝත්පාදනය
  6. යාව ජීව අධ්‍යාපනය  යන කරුණු මත පදනම් වේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන්ට වලට අදාළ කුළුණු පහකි. මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගොඩනැගෙන්නේ එම කුළුණු පහට අනුවය.

  1. විෂය මාලා සංවර්ධනය.
  2. මානව සම්පත් සංවර්ධනය
  3. යටිතල පහසුකම් සංවර්ධනය සහ අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ.
  4. තක්සේරු කිරීම සහ ඇගැයීම.
  5. මහජන දැනුවත් කිරීම සහ ප්‍රවර්ධනය.

 සාමාන්‍ය අධ්‍යාපනයේ ශ්‍රේණි පරාසයන්

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් සාමාන්‍ය අධ්‍යාපනයේ ශ්‍රේණි පරාසයන් හඳුන්වා දෙනු ලබයි ලබයි. ඒමෙසේය.

දරුවෙකුගේ මුල් වසර දෙක (පූර්ව ළමා විය) යාව ජීව අධ්‍යාපනය සඳහා පදනම ලෙසත්, වසර පහක් එනම් එක ශ්‍රේණියේ සිට පහ  ශ්‍රේනිය දක්වා (ප්‍රාථමික අවධිය) මූලික ජීවන කුසලතා සඳහා අධ්‍යාපනය ලෙසත්,  වසර හතරක් එනම් හය ශ්‍රේණියේ සිට නමය ශ්‍රේණිය දක්වා (කනිෂ්ඨ ද්වීතීක අවධිය) ජීවිතය සඳහා පදනම ලෙසත්, අවුරුදු දෙකක් එනම් දහය ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා( ජේෂ්ඨ ද්වීතීක අවධිය  -1) වෘත්තීය සූදානම සඳහා පදනම ලෙසත්, තවත් වසර දෙකක් එනම් දොළහ දහතුන ශ්‍රේණි (ජේෂ්ඨ ද්වීතීක අවධිය -2 ) අධ්‍යාපනය හා වෘත්තීය ජීවිතය සඳහා පදනම ලෙසත් ශ්‍රේණි පරාසයන් හඳුන්වා දී ඇත.

ජ්‍යෙෂ්ඨ ද්වීතීක අවදියෙන් පසු දරුවන්ට ශාස්ත්‍රීය විෂය ධාරාව ඔස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා පශ්චාත් උපාධි අධ්‍යාපනය ලැබිය හැකි අතර    වෘත්තීය විෂය ධාරාව තෝරා ගන්නා දරුවන්ට වෘත්තීය පුහුණුව මගින් තාක්ෂණික අධ්‍යාපන උපාධිය දක්වාත් ඉන් ඔබ්බටත් යා හැකිය.

  •  විෂය මාලා ප්‍රතිසංස්කරණ ව්‍යුහය

ප්‍රාථමික අවධිය.

ප්‍රාථමික අධ්‍යාපනයේ අදියර තුනටම එනම්,

  1. ප්‍රධාන අදියර 1- 1 සහ 2 ශ්‍රේණි.
  2. ප්‍රධාන අදියර 2  – 3 සහ 4 ශ්‍රේණි.
  3. ප්‍රධාන අදියර 3- 5 ශ්‍රේණිය.

ලෙසත්, මේ සෑම අදියරයක් සඳහාම පොදු ඉගෙනීම් ක්ෂේත්‍ර නමයක් හඳුන්වා දී තිබේ. එනම්,

  1. මව් භාෂාව.
  2. ඉංග්‍රීසි භාෂාව.
  3. දෙවන ජාතික භාෂාව.
  4. ගණිතය .
  5. ආගම හා සාරධර්ම අධ්‍යාපනය.
  6. ආරම්භක විද්‍යාව සහ පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම්.
  7. ඒකාබද්ධ සෞන්දර්ය අධ්‍යාපනය.
  8. සෞඛ්‍ය හා  ශාරීරික අධ්‍යාපනය.
  9. විෂය සමගාමී ක්‍රියාකාරකම් යනුවෙනි.

මේ අනුව 2026 වසරේ පළමු වන ශ්‍රේණියේ දරුවන් සඳහා මෙම විෂයයන්ට අදාළව ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු මොඩියුල හරහා පාසලේදී පමණක් සිදු කෙරේ. නිවසේදී කිරීමට අධික පාසැල් වැඩ බර නො පැටවේ.  දරුවාගේ පොත් බෑගයේ බර අඩුවේ. දරුවාට නිදහසේ මොඩියුල අධ්‍යයනය කළහැකිය . ප්‍රාථමික අවධියේදී ප්‍රධාන වශයෙන් ක්‍රියාකාරකම් මත පදනම් කරගත් සහ ගුණාත්මක තක්සේරු කිරීමක් පාසැල් මට්ටමෙන් සිදුවේ.

ප්‍රාථමික අධ්‍යාපන අවධි අවසන් වූ පසු ශිෂ්‍යා තුළ පෞරුෂ සංවර්ධනයක් අපේක්ෂා කෙරේ.

  • ජාතික සහ ගෝලීය සන්දර්යයට මග පාදන ඔහුගේ /ඇයගේ ආසන්නතම නිවහන වන ප්‍රජාව පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය.
  • ජීවිතයේ රසවත්, සජීවී සහ වටිනා බවට පත්කරන සංස්කෘතික, සමාජයීය, භෞතික, ජීව විද්‍යාත්මක පාරිසරික සහ භූගෝලය විවිධත්වය පිළිබඳ ගැඹුරුු අවබෝධය.
  • විසි එක්වන සියවසේ සහ ඉන් ඔබට ඉල්ලුමට ගැලපෙන පුළුල් ජීවන රටාවක් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය සාමාන්‍ය සාක්ෂරතාව සංඛ්‍යාත්මක සාක්ෂරතාව සහ සාමාජීය හා සංස්කෘතික කුසලතා.
  • සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් චරිතය සහ පුරවැසිභාවය හා සම්බන්ධ මූලික ජීවන කුසලතා සහ විසිඑක්වන සියවසට සූදානම් පුරවැසියකු නිර්මාණය කිරීමට උපකාරී වන මූල්‍ය සාක්ෂරතාවයේ මූලික කරුණු පිළිබඳ අවබෝධය සහ.
  • සමාජ චිත්තවේගීය කුසලතා සහ බහු බුද්ධි වලින් පොහොසත් සමබර පෞරුෂයක් සඳහා පදනමක්.

යන පෞරුෂ සංවර්ධනයන් මේ තුළින් අපේක්ෂා කෙරේ.

කනිෂ්ඨ ද්වීතීක අධ්‍යාපනය.(6-9 ශ්‍රේණි.)

මෙම ශ්‍රේණිවල සිසුන්ට අනිවාර්ය විෂයයන් දාහතරක්(14) ඉගැන්වේ. එම විෂයයන් වනුයේ

  1. මව් භාෂාව සහ සාහිත්‍ය  (credit- 3)
  2. ඉංග්‍රීසි භාෂාව (credit 3)
  3. දෙවන ජාතික භාෂාව (credit 1.)
  4. ගණිතය (credit 3)
  5. විද්‍යාව (credit  3)
  6. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය (credit 2)
  7. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය.(credit 2)
  8. ජීවිතයේ සඳහා තාක්ෂණය (credit 2)
  9. භූගෝල විද්‍යාව (credit -1)
  10. ඉතිහාසය (credit – 2)
  11. පුරවැසි අධ්‍යාපනය. (credit 1)
  12. ආගම සහ සාරධර්ම අධ්‍යාපනය (credit -2)
  13. සෞන්දර්යාත්මක අධ්‍යාපනය( credit 2)
  14. ව්‍යසාකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව (credit 1)
  15. ක්‍රීඩා සමිති සමාගම්( සහභාගිත්වය පමණි.) (credit -2)

මොඩියුල වල පැය දහයක් සම්පූර්ණ කළ පසු සිසුන් සඳහා ක්‍රෙඩිට් එකක් ලැබෙයි. ඉහත සඳහන් කර ඇත්තේ අනිවාර්ය විෂයයන් දාහතරට වාරයකට සිසුවෙක් ලබාගත යුතු ක්‍රෙඩිඩ් ප්‍රමාණයයි.

ඊට අමතරව සෑම අත්‍යවශ්‍ය විෂයන් සඳහාම සිසුන්ට කෙඩිට් එක බැගින් වැඩිදුර ඉගෙනුම් මොඩියුල තුනක් තෝරාගත හැකිය. වාරයකට ක්‍රෙඩිට් තුනක් උපයා ගත හැකි මොඩියුල තෝරාගත හැකිය. මේ සඳහා සිසුන් වඩාත් කැමති විෂයයන් තෝරාගත හැකිය.

උදාහරණයක් ලෙස ගණිත විෂයට වඩා දක්ෂතා දක්වන සිසුවෙකුට ගණිතය විෂය හා සම්බන්ධ අමතර මොඩියුලය අධ්‍යනය කළ හැකිය. එම මොඩියුලවල ගණිතය ගැඹුරට සඳහන් වෙයි. සාහිත්‍යයට නැඹුරු දරුවකුට සිංහල විෂයට ඇති  අමතර  මොඩියුල අධ්‍යයනය කළ හැකිය. ඒ අනුව සාහිත්‍යයට දක්ෂ දරුවෙකුට ගැඹුරු ගණිත මූලධර්මය ඉගෙන ගත යුතු නැත.  ගණිතයට දක්ෂ දරුවෙකුටක් සාහිත්‍ය ගැඹුරට ඉගෙන ගත යුතු නැත. මේ අනුව තමන්ගේ දක්ෂතාවයට සරිලන ලෙස දරුවන්ට තම ඉගෙනුම් ක්‍රියාවලිය සංවිධානය කර ගත හැකිය.

එසේම පරිවර්තිත කුසලතා මොඩියුලයක්ද තිබේ. පරිවර්තිත කුසලතා යනු රැකියාවට සහ ජීවිතයට අවශ්‍ය කුසලතා අත්පත් කර ගැනීමට අවශ්‍ය පදනමක් ලබා දෙමින් සිසුන්  ගේ සමස්ත සංවර්ධනය සහතික කිරීමයි. පරිවර්තිත කුසලතා මොඩියුල අධ්‍යයනය කිරීමෙන් සිසුන්ට වාරයකට credit  2ක් ලබාගත හැකිය.පරිවර්තිත කුසලතා මොඩියුලයේ..

  • සාහිත්‍ය අගය කිරීම.
  • මාධ්‍ය අධ්‍යයනය (අට ශ්‍රේණියේ සිට )
  • සේවා අධ්‍යයනය.
  • ගෝලීය අධ්‍යයනය සමාජ සේවා
  • සෞඛ්‍ය හා ක්‍රීඩා
  • සෞන්දර්ය අගය කිරීම .
  • වෘත්තීය සූදානම සඳහා පදනම
  • ඩිජිටල් පුරවැසිභාවය යන විෂයයන් ඇතුළත්ය.

මේ අනුව සෑම දරුවෙකුටම වාරයක් අවසානයේ credit  35ක් රැස් කර ගත හැකිය. එනම්,

  • අනිවර්‍යය විෂයන් සඳහා credit -30යි.
  • වැඩිදුර ඉගෙනුම් මොඩියුල අධ්‍යයනයෙන් credit 3යි.
  • පරිවර්තන කුසලතා මොඩියුල අධ්‍යයනයෙන් credit 2යි  යනුවෙනි.

ඉගෙනීමේ සියලු අදියරයන්හි තක්සේරුව

එය සිදුවන්නේ මෙසේය.

  • ප්‍රාථමික – ප්‍රධාන වශයෙන් ක්‍රියාකාරකම් පදනම් කරගත් සහ ගුණාත්මක තක්සේරු කිරීම.
  • කනිෂ්ඨ ද්වීතීක – ඉගෙනුම් මොඩියුල පාදක තක්සේරු කිරීම නමය ශ්‍රේණියේ ජාතික තක්සේරුව.
  • ජ්‍යෙෂ්ඨ ද්වීතීක ඉගෙනුම් මොඩිවුල පාදක තක්සේරු කිරීම. 11 සහ 13 ශ්‍රේණිවුල ජාතික ඇගයීම්.

ඇගයීම් ක්‍රියාත්මක කිරීම

ජාතික මට්ටමේ ඇගයීම.

  • අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පොදු හර විෂය මාලාවේ විෂයයන් හතක් මත පදනම් වේ. එනම්, අනිවාර්ය විෂයයන් පහක්. තේරීම් විෂයක් නමයකින් තෝරා ගත් විෂයන්දෙකක්.
  • 9 ශ්‍රේණියේ ජාතික තක්සේරුව.
  • සංරචක දෙකකින් සමන්විත වේ. ගණිතය භාෂාව සහ විද්‍යාව පිළිබඳ සාක්ෂරතා තක්සේරුව හැකියාවන් සහ උනන්දුව පිළිබඳ පරීක්ෂණය( ශ්‍රේණිගත නොකළ)

අදාළ බලධාරීන් විසින් නියම කරන ලද ජාතික ප්‍රමිතියෙන් යටතේ පළාත් මට්ටමින් පවත්වනු ලැබේ.

පාසැල් මට්ටමේතක්සේරුව.

ප්‍රධාන වශයෙන් ඉගෙනුම් මොඩියුල මත පදනම් වේ. සෑම මොඩියුලයකටම ඇතුළත් වන්නේ පාසල් පාදක ගුණාත්මක තක්සේරුව 70%කි. පොඩිවුලේ අවසානයේ සම්පින්ඩිත  තක්සේරුව 30% කි.

ශිෂ්‍ය කාර්ය සාධනය GPA පද්ධතියක් හරහා වාර්තා කෙරේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල විශේෂ ලක්ෂණ

  • එක සහ හය ශ්‍රේණි සඳහා 2026 වසරේ සිට විෂය මාලාව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම
  • සෑම කාලච්ඡේදයක්ම මිනිත්තු පනහක් (50)වන අතර මුළු පාසල් කාලයේ මිනිත්තු 30න්  දීර්ඝ කිරීම .
  • 2029 වසරේසිට නමය ශ්‍රේණියේ සිසුන් සඳහා කුසලතා පරීක්‍ෂණයක් හඳුන්වා දෙනු ලැබේ . මෙම පරීක්ෂණයේදී පහත සඳහන් ක්ෂේත්‍ර ඇගයීමට ලක් කරනු ඇත.
  1. සාක්ෂරතාව.
  2. සංඛ්‍යාත්මක බව.
  3. නිශ්චිත ක්ෂේත්‍රයක වැඩිදුර අධ්‍යයන කටයුතු කරගෙන යෑමේ ප්‍රවණතාව.

සිසුන්ට අධ්‍යයන හෝ වෘතියේ විෂය ධාරාවන්ගෙන් විෂයයන් තෝරාගැනීමට අවස්ථාව ලබා දෙනු ඇත.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු අ.පො.ස. (සා. පෙළ) විභාගය 2029 අගෝස්තු මාසයේදී පවත්වනු ලබන අතර අ.පො.ස. (උ.පෙළ.) විභාගය 2031 දෙසැම්බර් මාසයේදී පවත්වනු ලැබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ මාර්ග සිතියම 2026 වසරේ සිට 2031දක්වා ක්‍රියාත්මක කෙරේ

  • 2026 – 1සහ 6  ශ්‍රේණි සඳහා නව විෂය මාලාව ක්‍රියාත්මක කිරීම.
  • 2027 – 2 සහ 7 ශ්‍රේණි සඳහා නව විෂය මාලාව ක්‍රියාත්මක කිරීම.
  • 2028 – 3 සහ 8 ශ්‍රේණි සඳහා නව විෂය මාලාව ක්‍රියාත්මක කිරීම. සහ 10 ශ්‍රේණිය සඳහා නව විෂය මාලාව ක්‍රියාත්මක කිරීම.
  • 2029 -9 ශ්‍රේණිය සඳහා නව විෂය මාලාව ක්‍රියාත්මක කිරීම.
  •  9 ශ්‍රේණිය සඳහා දා ජාතික තක්සේරුකරණ වැඩසටහන.
  • 11 ශ්‍රේණිය සඳහා නව විෂය මාලාව ක්‍රියාත්මක කිරීම.
  • 11 ශ්‍රේණිය සඳහා නව විෂය මාලාවට අනුව අ. පො. ස  (සා.පෙළ) විභාගයේ පැවැත්වීම.
  • 2030 – 12 ශ්‍රේණිය සඳහා නව විෂය මාලාව ක්‍රියාත්මක කිරීම.
  • 2031 – 13 ශ්‍රේණිය සඳහා නව විෂය මාලාව ක්‍රියාත්මක කිරීම නව විෂය මාලාව ප්‍රතිසංස්කරණ වලට අනුව සහ අ.පො.ස. (උ.පෙළ. ) විභාගය පැවැත්වීම.

මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා වූ කාර්ය සාධක බලකායක් සිටිති

එනම්,

  1. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව.
  2. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය
  3. ජාතික අධ්‍යාපන ආයතනය (අධ්‍යයන කටයුතු මණ්ඩලය සහ පාලක සභාව )
  4. විභාග දෙපාර්තමේන්තුව
  5. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව යන අයයි.

ඉහත දක්වා ඇති ආකාරයට මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ඉගෙන ගන්නා දරුවන්ට ඉතා යහපත් මානසිකත්වයකින් අධ්‍යයන කටයුතුවල නිරත වීමට හැකියාව ලැබෙයි.  පාසල තුළ අධ්‍යාපන ලබන කාලයේ සිටම අනාගත වෘත්තීය කෙරෙහි ඉලක්ක ගතව අධ්‍යාපනය ලැබිය හැකිය.  තරගකාරීත්වයක් නොමැති නිසා අනෙකා පරයා යන හැඟීම්වලින් අත්මිදී  සැහැල්ලු මානසිකත්වයකින් අධ්‍යයන කටයුතු කළ හැකිය. යහපත් ආකල්ප දරුවන් තුළ ජනිත කළ හැකිය. එනිසා මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදීම අපි කාගේත් යුතුකමක් ලෙස සිතමු.

(අධ්‍යාපන , උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින්   නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාලව නිකුත් කර ඇති තොරතුරු වලට අනුව මෙම ලිපිය සකස් කරඇත.)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනය විශ්වවිද්‍යාලයේ නවක වදකයින් 19ක් ඇප මත නිදහස්!

Next Post

පසුගිය ආපදා අවස්ථාවේ දී  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව වගකීම් පැහැර හැරිය හැටි ආපදා නිලධාරීහු හෙළි කරති!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.