ශ්‍රියානි විජේසිංහ
ජපානයෙන් සහ ඉන්දියාවෙන් විශේෂඥයින් කණ්ඩායම් අද(30) රාත්රියේදී ශ්‍රීලංකාව බලා පැමිණීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
ජපන් තානාපති කාර්යාලයේ සහ ජයිකා ආයතනයේ නියෝජිතයින් පිරිසක් අද (30) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටුවා ඇති පැය 24ම ක්‍රියාත්මක වන ජාතික සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය වෙත පැමිණ සෞඛ්‍ය ලේකම්වරයා ප්රමුඛ එම මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය.
හදිසි ආපදා තත්ත්වය හමුවේ මෙරට සෞඛ්‍ය සේවාවන් ප්රමුඛ අනෙකුත් සියලු අංශ සඳහා ආධාර ලබා දීම සඳහා අවශ්‍යතා හඳුනාගැනීමත් ආපදා තත්ත්වයන් හමුවේ ලබාදිය යුතු සහන පිළිබඳව කරුණු සොයා බැලීමත් විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්රයේ ආපදාවන් පිළිබඳ කරුණූ විමසීමත් මෙම නියෝජිත පිරිස පැමිණීමේ මුලික අරමුණ වී ඇති බවද සඳහන් වේ.
මෙරට සෑම දිස්ත්‍රික්කයකම පවතින ආපදා තත්ත්වය පිළිබඳව ඉතා දීර්ඝව කරුණු සොයා බැලීමක් සිදු කළ අතර එම කරුණු ජපන් රජය වෙත දැනුම් දීමට ක්‍රියාකරන බව ද අනාවරණය විය.







