ශ්‍රියානි විජේසිංහ
වෛද්‍යවරුන් 23000කින් සැදුම්පත් සහන සේවා කණ්ඩායම් 500ක් පමණ මේ වන විට ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් රටපුරා සහන සේවා සැපයිම ආරම්බ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රටපුරා පවතින ශාක සමිති 126ක නියෝජිතයින් මෙලෙස කණ්ඩායම්ගතව අදාල ප්‍රදේශයන්වල ආපදාවට ලක්වූ අසරණ ජනතාවට වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාරයන්, ඖෂධ ලබාදීම්, රෝග හදුනාගැනීම්, වැඩිදුර ප්රතාකාරයන්ට යොමුකිරිම් මේ වන විටත් ආරම්බ කර ඇති බව සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවේය.
දකුණු ප්රදේශයන්ගේ සිට ඇතැම් වෛද්‍ය කණ්ඩායම් ඖෂධ ඇතුලු වෛද්‍ය උපකරණ ද රැගෙන ආපදාවන්ට ලක්වූ ප්‍රදේශන් කරා ගමන් කරමින් සිටින බවද එම ප්‍රකාශකයා පැවසුවේය.
වෛද්‍ය සහන සේවාවන් අවශ්‍ය අයෙක් හෝ කණ්ඩායමක් ඇත්නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ආපදා කළමණාකරන සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ 0774506602 යන දුරකථන අංකය හා සම්බන්ධ විය හැකිය.
මේ වන විටත් බොහෝ පිරිසක් මෙම දුරකථන අංකය හා සම්බන්ධ වෙමින් අදා ල සහන සේවාවන් ලබා ගනිමින් සිටින බවද වාර්තාවේ.







