හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව ඔහුගේ පුත් පාරිලමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අනාවරණය කළේ.
රෝහල්ගත කර සිටින හිටපු ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවද එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.
″ඒක සුවිශේෂ අසනීප තත්ත්වයක් නොවෙයි. වයසත් එක්ක අපි හැමෝම අසනීප වෙනවා″ යනුවෙන් අද පැවති උත්සවයකට එක් වූ අවස්ථාවේදී මාධ්‍යෙව්දීන් වෙත ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතවරයා මේවන විට කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වන අතර ඔහු ඉකුත් දා සිය 80 වැනි ජන්ම දිනයද සමරනු ලැබීය.







