දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන ගොඩ බිමට රැගෙන පැමිණි මත්ද්‍රව්‍ය සහිත යාත්‍රාව සම්බන්ධ සිද්ධියට අදාලව එම මත්ද්‍රව්‍ය තොගයේ හිමිකරු ලෙස ලද තොරතුරක් මත සමගි ජන බලවේගයේ ඳසලංකාව ආසන සංවිධායක වසන්ත ජයකොඩි අත් අඩංගුව ගත් බව විමර්ශන අංශ පවසයි.
මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු 2023 පළාත් පාලන මැතිවරණයේ දී පන්නල ප්‍රාදේශීය සභාව ඳසහා ඳසලංකාව කොට්ඨාසයේ සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වී තිබේ.
දකුණු මුහුදේ දී අත් අඩඩංගුවට ගත් ඛ්යාර දුව නැමැති මෙම බහුදින ධීවර යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙසීයක්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් සියයක් සහ ගිනි අවි දෙකක් අත් අඩංගුවට ගෙන තිබිණි.
යාත්‍රාවේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙක් ද පොලිස් භාරයට පත් වූයේය. නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී මෙම යාත්‍රාව අත් අඩංගුවට පත්වූයේය.







