-
ආරක්ෂක තර්ජනයක් ගැන කතාව පසුව ගොතල ද?. ඇමති පාර්ලිමේන්තුවට කියලා තියෙන්නේ අර්ධ සත්‍යයක් බව පොලිසිය පොලිස්පතිට යවන වාර්තාවෙන් අනාවරණය වෙයි!
ත්‍රී කුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහාරස්ථානයේ තැන්පත් කර තිබූ ප්‍රතිමාවහන්සේ එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබුවේ මහජන ආරක්ෂක ඇමතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ ආකාරයේ ආරක්ෂක තර්ජනයක් මත නොව එය අනවසර ඉදිකිරීමක් ලෙස ලද පැමිණිල්ලක් මත බව පොලිස් නිල වාර්තා ඔස්සේ සනාථ වී තිබේ.
2025/11/17 අළුයම 04 සිට, 2025/11/18 දක්වා වූ පැය 24 තුළ පොලිසිය විසින් පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කරන දෛනික නිල වාර්තාවට අනුව පොලිසිය කඩා වැදී මෙම බුදු පිළිමය පන්සල් භූමියෙන් ඉවත් කරන්නේ “ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි වර්ධනාරාම විහාරස්ථානයේ ඥානකිර්ති ස්වාමීන්වහන්සේ ඇතුළු දායක සභාව විසින් ත්රීකුණෘමලය වෙරළ තීරයේ බෝ ගස අසල අනවසරයෙන් කුටියක් ඉදිකර කර ඇති බවට” වූ තොරතුරක් මතය.
එම වාර්තාවේ තව දුරටත් මෙසේ දැක්වේ.
“ මෙම ඉදිකිරීම අනවසර ඉදිකිරීමක් බවට පවසා වෙරළ ආරක්ෂක සංගමය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඥානකීර්ති ස්වාමීන්වහන්සේ ඇතුළු දායක සභාව 300 කගේ පඹණ සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් පවත්වා ඇත. පසුව පොලිස් නිලධාරීන් විසින් මෙම බුද්ධ ප්‍රතිමාව එම ස්ථානයෙන් ඉවති කර චීන වරාය පොලිස් ස්ථානයේ තැන්පත් කර ඇත. “
“ මෙම ඉදිකිරීම ඉවත් කිරීමට යෑමේ දී ත්‍රීකුණාමලය කොට්ඨාස භාර ජ්‍යෙ,පො.අ. හා ත්‍රීකුණාමලය මු.පො.ප සුළු තුවාල ලබා ත්‍රීකුණාමලය රෝහලට ඇතුළත් කර ඇත.”
“ 2025.11.17 දින මෙම බුද්ධ ප්‍රතිමාව ත්‍රීකුණාමලය වෙරළ තීරයේ බෝ ගස අසල නැවත තැන්පත් කර ඇත.”
පොලිස් පොත්පත්වල සටහන්ව ඇති මේ මූලික වාර්තාව අනුව පොලිසිය පන්සල් භූමියට පැමිණ බුද්ධ ප්‍රතිමාව ඉවත් කරන්නේ ප්‍රතිමාවට හානි කිරීම සම්බන්ධ බුද්ධි තොරතුරක් මත නොව එය අනවසර ඉදිකිරීමක් ලෙස සලකා බව මෙම වාර්තාවෙන් පැහැදිලි වේ.
එමෙන්ම මේ සදහා පොලිසිය මේ තරම් උත්තේජනය කිරීමට හේතු වූ පැමිණිල්ල ඉදිරිපත් වී ඇත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නොව, වෙරළ ආරක්ෂක සංගමය නැමැති සංගමයක් විසිනි.
පන්සල් භූමිය 1951 වසරේ සිට පැවැත්වෙන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති පන්සලක් බවත්, එම පන්සල් භූමිය සඳහා පූජා භූමි ඔප්පුවක් ඇති බවත්, එවැනි වටපිටාවක පන්සල් භූමියට ඇතුළු වී පන්සල තුළ වඩා හිඳුවා තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ පැහැරගෙන යෑම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නායක හිමියෝ ඊයේ (17) ජනපති වෙත ලිඛිතව දන්වා සිටියහ.






