බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ – පකිස්ථාන 20යි විස්ස තුන්කොන් තරගාවලිය – උප නායක දසුන් ශානක… භානුකත් යළි කැඳවයි!

by editor
නොවැම්බර් 9, 2025
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, පකිස්ථාන සහ සිම්බාබ්වේ අතර  විස්සයි20 තුන්කොන්  තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා ලෙස දසුන් ශානක නම් කර තිබේ.

මෙම තුන්කොන් තරගාවලිය ආරම්භ වීමට පෙර පකිස්ථානය සමග පැවැත්වෙන තරග තුනකින් යුත් එක් දින තරගාවලියේ සංචිතය සඳහා  වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග නම් කර ඇත.   .

23 හැවිරිදි මැද පෙළ පිතිකරු පවන් රත්නායක එක්දින සංචිතයට නම් කර තිබේ. දිගු කාලයක් තිස්සේ  දේශීය ක්‍රිකට් පිටියේ දක්වන ලද අඛන්ඩ දස්කම් මත මෙම තෝරා ගැනීම සිදුකර තිබේ.  පසුගිය ජූලි මාසයේ දී ඔහු දේශීය තරගවලදී ශතක ලාභියෙක් ලෙස සිය දස්කම් ප්‍රකට කළේය.

ඩිල්ෂාන් මධුශංක දණහිසේ ආබාධයකින් තවමත් සුවය ලබා නොමැති බැවින් එක්දින තරගාවලියෙන් ඉවත් කර තිබේ. එශාන්  මාලිංගට අවස්ථාව ලැබෙන්නේ ඔහු වෙනුවෙනි.    මතීෂ පතිරණ ආබාධයකින්   සුවය ලබන බැවින් විස්සයි20 සංචිතයට ඇතුළත් නොවේ. මතීෂ පතිරණ  වෙනුවට අසිත ප්‍රනාන්දු සංචිතයට කැඳවා ඇත.

මේ වසර ආරම්භයේදී අවසන් වරට විස්සයි20 තරගයක් ක්‍රීඩා කළ පෙර පෙළ  පිතිකරු භානුක රාජපක්ෂ විස්සයි 20 සංචිතයට යළි කැඳවා තිබේ.   ඔහුට  ජාත්‍යාන්තර විස්සයි 20 තරගාවලි 2ක් සහ   ආසියානු කුසලානය පසුගිය වකවානුව තුළ  මග හැරුණි. ඔහුගේ නැවත කැඳවීමට අර්ධ වශයෙන් හේතු වී ඇත්තේ මෑත පැවැත්වූ   ශ්‍රි ලංකා ක්‍රිකට්  විස්සයි20 තරඟාවලියේදී ඔහු ඉනිම හතරක් පුරා ලකුණු 163ක් ලබා ගත් පුපුරන සුලු පිතිකරණයයි. ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් මැද පෙළේ ස්ථාවර ජවසම්පන්න පිතිකරණයක් වෙනුවෙන් මෑත කාලය පුරාම අරගල කළේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

භානුක රාජපක්ෂ..

තවත් කැපී පෙනෙන නොසලකා හැරීමක් පෙනෙමින් ඇත. ශ්‍රී ලංකා 20යි විස්ස තරගාවලියේ දී වැඩිම ලකුණු ලාභී පිතිකරු නුවනිදු ප්‍රනාන්දු ය. ඔහුගේ ප්‍රහාරක වේගය 124ක් විය. එහෙත් ඔහු 20යි විස්ස සංචිතයට කැඳවා නැත.   එමෙන්ම රටේ අනාගත ක්‍රිකට් බලාපොරොත්තුවක් වූ දුනිත් වෙල්ලාලගේ ද මෙම සංචිතයට කැඳවා නැත.

නමුත් ඔහු මේ මස අගදී දෝහාහි පැවැත්වෙන “රයිසින් ස්ටාර්ස්” විස්සයි20 ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා A කණ්ඩායමට නායකත්වය දරන්නේ දුනිත් වෙල්ලාලගේ ය.  නුවනිදු ද එම සංචිතයට නම් කර ඇත.

පකිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා එක්දින තරඟ සියල්ලම නොවැම්බර් 11, 13 සහ 15 යන දිනවල රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ දී  පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව නොවැම්බර් 17 සිට රාවල්පින්ඩි සහ ලාහෝර්හිදී තුන්කොන් තරඟාවලිය පැවැත්වෙන අතර අවසන් තරඟය නොවැම්බර් 29 ට පැවැත්වීමට නියමිතය.  මේ වනවිට අපට විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ක්‍රීඩාංගන පුරා යොදවා ඇති දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළකි.

ශ්‍රී ලංකා සංචිත

එක්දින තරගාවලිය:

චරිත් අසලංක (නායක), පැතුම් නිශ්ශංක, ලහිරු උදාර, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ,  දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු ප්‍රමෝද් මධුෂාන්, ඒෂාන් මාලිංග

20යි විස්ස තුන්කොන් තරගාවලිය

චරිත් අසලංක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිල් මිෂාර, දසුන් ශානක (උප නායක), කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, ඒෂාන් මාලිංග

Tags: නවතම
Share69Tweet43
Previous Post

මූල්‍ය කළමනාකරණය මගින්  2024 මැයි වනවිට රුපියල් බිලියනක ඉලක්කය සපුරා ගන්න දළදා මාළිගාවට හැකි වුනා… දියවඩන නිලමේ කියයි!

Next Post

16වැනි සයිබර් ආරක්ෂණ සමුළුව නොවැම්බර් 12 වනදා කොළඹදී!

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.