සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

16වැනි සයිබර් ආරක්ෂණ සමුළුව නොවැම්බර් 12 වනදා කොළඹදී!

by editor
නොවැම්බර් 9, 2025
in පුවත්
Eranga_weerarathna
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ 16 වන ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් මස 12 වන දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීමට නියමිත බව ඩිජිටල් අර්ථික අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න   පැවසීය.

මෙවර එම සමුළුවේ තේමාව වන්නේ “ශ්‍රි ලංකාව සඳහා වඩාත් විශ්වාසදායී සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරිම” යන්නයි.

මෙම සමුළුව සඳහා දෙස් විදෙස්  නියෝජිතයින් සහ ආරාධිතයන් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත බවද ඇමතිවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති 16 වන සයිබර් ආරක්ෂණ සමුුළුව සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ප්‍රතිපත්ති සම්පාදකයින්,තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ නිරත වෘත්තීයවේදීන්, ශාස්ත්‍රඥයින්, තාක්ෂණ විශේෂඥයින් සමගින්  රජයේ, පෞද්ගලික අංශයේ, ව්‍යාපාරික සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන සහ විශ්ව විද්‍යාලවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ජාතික සමුළුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් ඒකාබද්ධව සංවිධානය කරනු ලැබේ.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

මෙවැනි සමුළුවලින් ලෝකයේ ඇති දැනුම ලංකාවට ගෙන ඒමට හැකියාව පවතින බවත් එහිදී ඇතිවන සාකච්ඡා ලංකාවේ මෙම ක්ෂේත්‍රෙය් සිටින ප්‍රවීණයන්ට දැනුම වර්ධනය කිරීමට වැදගත් වන බවත් ලංකාවේ සිටින එම තිබෙන දැනුම ඇති පුද්ගලයන්ගේ වටිනාකම අපට ලෝකයට ප්‍රදර්ශනය කිරීමට හැකියාව ලැබෙන බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මෙවර සමුළුවේ අවධානය යොමු වී ඇත්තේ “ප්‍රතිපත්තීන් හැඩගැස්වීම, භාවිතයන් සක්‍රීය කිරීම සහ ජාතික වශයෙන් ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව ශක්තිමත් කිරීම” යන උප තේමාවටය.  සයිබර් සූදානම වැඩිකිරීම, ඩිජිටල් විශ්වාසය සහ සයිබර් තර්ජන වැඩිවන යුගයක ජාතික ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා රටේ උපායමාර්ගික දිශාගත කිරීම ඉන් පිළිබිඹු කෙරේ. සයිබර් ආරක්ෂණ සංවර්ධනය සහ ධාරිතාව වර්ධනය සඳහා සෑම අංශයක්ම ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන ශක්තිමත් බහු-පාර්ශ්වකරුවන්ගේ සහයෝගීතාවයක් ගොඩනැගීම අඛණ්ඩව කරගෙන යාම සමුළුවේ අරමුණයි.

සමුළුව ආරම්භ කරමින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සභාපති   තිලක් පතිරගේ   විසින් පිළිගැනීමේ දේශනය පවත්වන අතර, ආර්ථික ව්‍යාප්තියේ සහ ගෝලීය තරඟකාරිත්වයේ මූලික පදනම සයිබර් ආරක්ෂාව බව අවධාරණය කරමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල  සමුළුවේ සමාරම්භක දේශනය පවත්වයි. ඉන්පසුව ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡාකරමින් විශේෂ දේශනයක් පවත්වනු ලබන්නේ  ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (Sri Lanka CERT) වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කනිෂ්ක කරුණාසේන  විසිනි. සමුළුවේ ප්‍රධාන දේශනය ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ ටකාෆුමි කඩෝනෝ   පවත්වයි. එහිදී  ගෝලීය සයිබර් ආරක්ෂණ ප්‍රවණතා ශ්‍රී ලංකාවේ ජාතික සූදානම හැඩගැස්වීම පිළිබඳව අවධානය යොමු කෙරේ.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න  විසින් ඩිජිටල් පද්ධති කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරීම පිළිබඳ දේශනයක් පවත්වනු ඇත. අතිරේක ආරාධිත දේශන, තේමාත්මක සැසි සහ සමුළුවට සමගාමීව පැවැත්වෙන අමතර සාකච්ඡාවලදී ජාතික සයිබර් පාලනය,අතිශය වැදගත් යටිතල පහසුකම්වල ආරක්ෂාව, සයිබර් ආරක්ෂණ නීතිය සහ දත්ත ආරක්ෂණ රාමු, මාර්ගගත ආරක්ෂාව, මෙහෙයුම් ඔරොත්තු දීමේ හැකියාව, ගෝලීය සයිබර් ආරක්ෂක සහයෝගීතාවය මෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI), ක්ලවුඩ් පරිගණකකරණයහි ආරක්ෂාව (Cloud Computing Security)  සහ ක්වොන්ටම් පද්ධති ආරක්ෂාව (Quantum security) වැනි නැගී එන තාක්ෂණයන්හි වගකිවයුතු භාවිතය ගවේෂණය කරනු ඇත.

විද්වත් මණ්ඩල සාකච්ඡා කිහිපයක් මගින් ඩිජිටල් ආර්ථික වර්ධනයේ පදනමක් ලෙස සයිබර් ආරක්ෂාව, ඩිජිටල් ජාතියක් සඳහා නීතිමය සූදානම, මහජන මාර්ගගත ආරක්ෂාව සහ නැගී එන තාක්ෂණයන් ආරක්ෂිතව භාවිතා කිරීම ආදිය පිළිබඳව සමුළුවේදී විමසා බැලේ. සාක්ෂි මත පදනම් වූ ජාතික ප්‍රතිපත්ති සහ ආයතනික සංවර්ධනයට සහාය වීම සඳහා බහුවිධ අංශවල විශේෂඥයින් මෙම විද්වත් මණ්ඩල සාකච්ඡා සඳහා දායක වේ.

මෙම වසරේ සමුළුවට කර්මාන්තයේ ප්‍රධාන සමාගම් කිහිපයක අනුග්‍රාහය ලැබේ.  Dialog Enterprise ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර Check Point ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. Fortinet රන් අනුග්‍රාහකයා ලෙසත්, TikTok මාර්ගගත ආරක්ෂාව සඳහා උපායමාර්ගික සහකරු ලෙසත්, Sentry Labs රිදී අනුග්‍රාහකයා ලෙසත් එක්වෙයි. මෙම සංවිධානවල සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂාව සහ මහජන ඩිජිටල් ආරක්ෂාව ඉදිරියට ගෙන යාම සඳහා ඇති හවුල්කාරී කැපවීම පිළිබිඹු කරයි.

ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව, සයිබර් ආරක්ෂාව පිළිබඳ සාමූහික ජාතික ක්‍රියාමාර්ග මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකාවේ වඩාත්ම වැදගත් වේදිකාවක් ලෙස දිගටම ක්‍රියාත්මක වේ. 2025 මෙවර සමුළුව, ආයතනික හැකියාවන් ශක්තිමත් කිරීම, මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම සහ අනාගතය සඳහා වගකිවයුතු ඩිජිටල් නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා පරිවර්තනීය කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ – පකිස්ථාන 20යි විස්ස තුන්කොන් තරගාවලිය – උප නායක දසුන් ශානක… භානුකත් යළි කැඳවයි!

Next Post

මාලදිවයිනේ දී කොටු වූ මත්ද්‍රව්‍ය ප්‍රවාහන බහුදින යාත්‍රාව ලංකාවට ගෙන ඒමට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඇරඹෙයි…

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.