මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක පිට මෙරට බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයින මුහුදේ දී එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙරට ආරක්ෂක අංශ විසින් ලබා දුන් තොරතුරු මත මෙම අත් අඩංගුවට ගැනීම සිදුවී අතැයි වාර්තා වේ.
මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් මත් කුඩු කිලෝ 300කට ආසන්න ප්‍රමාණයක් මෙසේ ප්‍රවාහනය කරමින් තිබී ඇත.
මත් කුඩු තොගය සමග සිටි ධීවරයින පිරිසක් ද ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මේ පිළිබඳ ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම සඳහා පොලිසිය සහ නාවික හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් මාලදිවයින දක්වා පිටත්ව ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.







