අඹන්පොල ශ්‍රීමතී විජේරත්න –
අඹන්පොළ අවට ගම්මානවලට ඇතුළුවන වන අලි රාත්‍රී කාලයේ මෙන්ම දිවා කාලයේදී ජීවිත සහ දේපලවලට හානි කිරීමට පටන්ගෙනන තිබීමත් සමග ජන ජීවිතය බරපතල ලෙස බිඳ වැටීමකට ලක් වී තිබේ.
මෙම ගැටළුවට විසඳුම් ඉල්ලා අඹන්පොළ ජනතාව ගැටදිවුල තේක්ක රක්ෂිතය ඉදිරිපිට ඉදිකිරීම් අරඹා ඇති දිවයිනේ ප්‍රථම වනඅලි උමං මාර්ගය ඉදිරිපිට සිට උද්ඝෝෂනයක නියැලුනහ.
මේ වන විට අඹන්පොළ මහව ඇහැටුවැව ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අලි මිනිස් ගැටුම උග්‍රව පවතී.
රංචු ලෙසින් ගම්වදින වන අලී වගා හානි කරති .නිවෙස් කඩා දමති. මිනිස් ජීවිතවලට හානි කරති. රාත්‍රී කාලයේ පමණක් නොව දිවා කාලයේදීද වන අලි ගම්මාන වලට පැන හානි කිරීම සිදුකරති.
පාසල් යන දරුවන්, වගා බිමට යන ගොවියන්, මෙන්ම එදිනෙදා අවශ්‍යතා සඳහා මාර්ගයේ ගමන් ගන්නා ජනතාව ඉතා බියෙන් එම කටයුතු වල යෙදෙන බව ගම්මු පවසති .
මෙම අලි මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලා උද්ඝෝෂනයක නියැලුන ගම්මු කෙසේ හෝ අලි ගම් වැදීම වලකා දෙන ලෙසත් ඉල්ලා සිටියහ.







