මහාධිකරණ විනිසුරුවරුන්, මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් සහ දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරුන් ඇතුළු විනිසුරුවරුන් 20 දෙනෙකු ඔවුන්ගේ සේවාවලින් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
සන්ඩේ ටයිම්ස් වාර්තාවක් අධිකරණ සේවා කොමිෂන් සභාව උපුටා දක්වමින් වාර්තා කරන්නේ මේ විනිසුරුවරුන් 20 දෙනාගෙන් 07 දෙනෙකුගේ සේවය අවසන් කර ඇති අතර අනෙක් 13 දෙනා වැඩ තහනම් කර හෝ අනිවාර්ය නිවාඩු යවා තිබේ.
මේ වනවිට වැඩ තහනමට ලක් කර ඇති මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක ද සිල්වා ඉදිරියේ විශේෂ විමර්ශනයකට මුහුණ දෙමින් ඇත.
එක් මහේස්ත්‍රාත්වරියකට තම සැමියාට පක්ෂග්රාහී තීන්දුවක් ලබා දීම සම්බන්ධවත් ඇතැම් නීතිඥයින් කෙරෙහි පක්ෂග්රාහීව කටයුතු කරීම සම්බන්ධවත් චෝදනා එල්ල වී තිබේ.
පරීක්ෂණ සඳහා කැඳවන ලද සමහර අධිකරණ නිලධාරීන් විමර්ශන කමිටු ඉදිරියේ පෙනී හිඳ පරීක්ෂණයට මුහුණ නොදී සේවයෙන් ඉවත් වී ඇත.
මේ වනවිට සේවය අවසන් කර ඇති විනිසුරුවරුන් හත් දෙනාට එම තීන්දුව ලබා දී ඇත්තේ මහජන පැමිණිලි මත පදනම්ව සිදුකළ පරීක්ෂණවලින් පසුව බව සන්ඩේ ටයිම්ස් වාර්තාවේ දැක්වේ.
වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වී විශ්‍රාම යාමට ආසන්න විනිසුරුවරුන් වෙත සේවයෙන් විශ්‍රාම ගැනීමේ විකල්පය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලබා දී ඇත.
දූෂණ වැනි බරපතල චෝදනාවලට මුහුණ දෙන විනිසුරුවරුන් සම්බන්ධයෙන්, චෝදනා පත්‍ර ඉදිරිපත් කර පරීක්ෂණය ආරම්භ කර ඇති බවත්, . විමර්ශනවලින් පසු ඔවුන් වරදකට වැරදිකරුවන් වුවහොත්, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුත් අධිකරණ සේවා කොමිසම විසින් ඔවුන් අධිකරණ සේවයෙන් ඉවත් කරනු ලැබීමට නියමිත බවත් සන්ඩේ ටයිම්ස් වාර්තාවේ දැක්වේ.
දැනට මහාධිකරණයේ විනිසුරු පුරප්පාඩු දහයක් සහ මහේස්ත්‍රාත් සහ දිස්ත්‍රික් අධිකරණයේ පුරප්පාඩු 60 ක් පමණ පවතින නමුත් චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අය තවදුරටත් අධිකරණ සේවා කොමිසමේ තබා නොගන්නා බවට කොමිසම තීරණය කර ඇත.
එමෙන්ම , සේවයේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා දක්ෂ අයට උසස්වීම් ලබා දීම ද අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.







