මනම්පිටිය නිමල් ජයරත්න –
-
කුඩා ඔයට යන්ත්‍ර සූත්‍ර බස්සා වැලි ගොඩදැමීම පටන් අරන්… අමුණත් අවදානමේ… ගොවීන් කියද්දී මෙය ඇමතිවරයාගේ ව්‍යාපෘතියක් බව මහවැලිය කියයි…
පොළොන්නරුව මහවැලි බි කලාපයේ ගල්තලාව ප්‍රදේශයේ කුඩාඔය අමුණේ රොන් මඩ ඉවත්කරන මුවාවෙන්, ගම්පහ ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් අමුණට යන්ත්‍ර සූත්‍ර දමා වැලි ගොඩ දැමීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බව ගල්තලාව ගොවීහු සඳහන් කරති.
දින කිහිපයක සිට මෙම රොන්මඩ ඉවත් කිරීම පසෙක දමා වැලි පමණක් ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ඔවුන් විසින් දියත් කර ඇති බවත්, මෙම ජාවාරමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වගකිව යුතු බවත්, මේ වනවිට කුඩා ඔය අමුණට දැඩි ලෙස හානි සිදුව ඇති බවත් ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

දින කිහිපයක සිට සිදුකරන මෙම පරිසර හානිය හා වැලි ඉවත් කිරීමේ ජාවාරම පිටුපස දේශපාලන අධිකාරිය සිටින බවත්, මෙම තත්ත්වය නිසා ඉදිරියේදී කුඩා ඔය දැඩි ලෙස හානි සිදුව ඇති බවත්, මේ හේතුවෙන් විශාල පරිසර හානියක් සහ දැවැන්ත විනාශයක් සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවත් ප්‍ර පරිසරවේදීහු සඳහන් කරති.
පරිසර නීති උල්ලංඝනය කර සිදුකරන මෙම ජාවාරම පිටුපස රාජ්‍ය නිලධාරින් මෙන්ම දේශපාලනය අධිකාරිය සිටින බවත්, ගංගා ඇළ දොළවලට මෙන්ම අමුණුවලට කිසිසේත්ම යන්ත්‍ර සූත්‍ර දැමිය නොහැකි වටපිටාවක මෙම ජාවාරම්කරුවන් යන්ත්‍ර සූත්‍ර කීපයක් දමා රොන්මඩ වෙනුවට වැලි ඉවත් කිරීම සිදුකරන බවත්, එය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ගෙන් තමන් ඉල්ලා සිටින බවත් ප්‍රදේශයේ ගොවීහු ඉල්ලා සිටිති.
ප්‍රදේශයේ ගොවීන් සහ නියෝජිතයින් නගන චෝදනාව සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ විජයබාපුර කොට්ඨාස කළමණාකාර කසුන් මදුසංකගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, එම ව්‍යාපෘතිය අමාත්‍යවරයාගේ ව්‍යාපෘතියක් බවත්, එම ව්‍යාපෘතිය රජයට බදු ගෙවා සිදුකරන ව්‍යාපෘතියක් බවයි.
එම ඔයේ තිබෙන රොන්මඩ සහ වැලි ඉවත් කිරීමට ලබාදී තිබෙන ව්‍යාපෘතියක් බවද ඒ ඔහු කීවේය.







