මතුගම ප්‍රාදේශීය සභාවේ බලය අත්පත් කරගැනීම වරදක් බව තමන් දන්නා බවත් ඒ මෙහෙයුම තමන් විසින් දියත් කරනු ලැබුවේ අගලවත්ත සහ පාලින්දනුවර ප්‍රාදේශීය සභාවල බලය උදුරා ගැනීමට අදාල ප්‍රති උත්තර ලබා දීමට බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන අද (27) මධ්‍ය හමුවේ දී පැවසුවේය.
අද පැවති මාධ්‍ය හමුවක් අතරතුර ඔහු ප්‍රකාශ කළේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය අත්පත් කරගැනීම තමන්ගේ පුද්ගලික මෙහෙයුමක ප්‍රතිඵලයක් බවය.
“මම හරියට බදු ගෙවන නිතියට අවනත කෙනෙක්. මම පාර්ලිමේන්තුවට ආවේ අහම්බෙන් නෙමෙයි. ප්‍රාදේශීය සභාවෙ, පළාත් සභාවෙ ඉඳලා පාර්ලිමේන්තුවට ආවේ. “
“මතුගම ප්‍රාදේශීය සභාව ගැනීම වරදක් කියලා මම දන්නවා. ඒ අය මගෙන් දිනපු ප්‍රාදේශීය සභා දෙකක් උදුරා ගත්තා. අගලවත්ත… පාලින්ද නුවර. මම ඒ ගොල්ල දිනපු එක ගත්තා. ඒක මම වගකීමෙන් කියනවා. ඒක මම තනියම කරපු ඔපරේෂන් එකක්.”
“අඩුම ගානේ පක්ෂයෙන්වත් අහලා කරපු එකක් නෙමෙයි.”
“ඒක බැලන්ස් ආං… දෙක බැලන්ස්. “
මන්ත්‍රීවරයා කීවේය.





