මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.සී.පී. හේරත් පත් කර ඇති අතර එහි අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ ජී.එච්. ප්‍රශාන්ත ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරු කර ඇත.
මෙම ස්ථාන මාරුකිරීම් සඳහා පොලිස්පතිවරයා විසින් ඉල්ලීම් කර ඇත්තේ මීට මාස කීපයකට පෙර බවත්, එම ස්ථාන මාරුවීම් අනුමත කිරීම කල් ගොස් ඇත්තේ පොලිස් කොමිසම විසින් අනුමැතිය ලබා දීම කල්ගත වූ නිසා බවත් පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.







