අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ තාක්ෂණය ඊටත් වඩා හොඳට අපි ලඟ තියනවා… ඒත් ඇමති තුමා කියන ධාරිතාවෙන් වී සහල් කරන්න පුලුවන් අය ලංකාවෙම ඉන්නේ 6යි…

by editor
ඔක්තෝබර් 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • බොරු කාරයින් කියන කතා අහලා ගමේ ආර්ථිකය විනාශ කරන්න එපා… අපව විශ්වාස කරන්න… කුඩා හා මධ්‍යම පරිමාන සහල් මෝල් හිමියන් අද පොලොන්නරුවේ දී රැස් වි රජයට කී කතාව මෙන්න…

ඉදිරියේ ඇතිවිය හැකි වෙළඳපලේ සහල් අර්බුදය විසඳීම සඳහා රජයට සහයෝගය ලබාදීමට තමන් සූදානම් බවත්, ඒ සඳහා රජය මිළදී ගන්නා ලද වී තොග තම සාමාජිකයින්ට ලබා දී කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ආරක්ෂා කර දෙන ලෙසටත්, ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් රොෂාන් ජානක ද සිල්වා සංගමයක් වශයෙන් රජයෙන් ඉල්ලා සිටියේය.

ඔහු පෙන්වා දුන්නේ මහා පරිමාණ සහල් මෝල්වටත් වඩා ඉහළ ප්‍රමිතියකින් සහල් නිශ්පාදනය කිරීමේ තාක්ෂණය තමන්ට ඇති නමුත් දැනට ඇමතිවරයා විසින් ඉදිරිපත් කර ඇති නිශ්පාදන ධාරිතාව සහිතව ලංකාවේ තිබෙන්නේ මෝල් කීපයක් පමණක් බැවින් නිශ්පාදන ක්ෂේත්‍රයට පිවිසීමට කුඩා හා මධ්‍ය පරිමාන සහල් නිශ්පාදකයිනට ඇති අවස්ථාව ඇහිරී ඇති බවය.

එමෙන්ම රජය තම සංගමයට වී තොග ලබාදීමේ ක්‍රියාවලියක් දියත් කිරීමට සූදානමක් ඇති නම් එම ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වී ඇති බවත්, ඊට එරෙහිව නිසි පරීක්ෂණයක් සිදුකරන ලෙසට කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ලෙස තමන් රජයට බල කරන බවත් ඔහු පවසයි. ශක්ති සහල් සභාපති ලෙස කටයුතු කළ පුද්ගලයා සහ ඔහුගේ සගයින් එක්ව එම ව්‍යාපාරයෙන් මුදල් හොරකම් කළ බවත්,  ඒ පිලිබදව සියලු තොරතුරු තමන් සතුව ඇති බවත් කී ලේකම්වරයා වී කිලෝ සීයකින් 63%ක් හාල් ලබා දීමෙන් රජයට පාඩුවන බව කියා අල්ලස් කොමිසමට පැමිණිලි කරන්නේත් එවැනි පුද්ගලයින් බව ඔහු කීවේය.

ඔහු මේ අදහස් පලකර සිටියේ ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය විසින් අද (12) පොළොන්නරුවේදි පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් රොෂාන් ජානක ද සිල්වා මෙසේද කීය.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

“මේ වනවිට වී කිලෝ සීයකින් හාල් කිලෝ 63ක් ලබාදීම සඳහා ව්‍යාපෘතියක් ගෙනල්ලා තියෙනවා. ඇත්තටම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හැටියට ඒ පිලිබඳව රජයට අපි ස්තූති කරනවා. නමුත් වී කිලෝ 100 කින් 65%ක් සහල් ලබාගන්න පුලුවන් කියලා ව්‍යාපෘතියක් පෙන්නලා රජයේ මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න හදනවා. කාටවත් වී කිලෝ සීයකින් හාල් කිලෝ 65 ක් ගන්න බෑ. මේ වෙලාවෙ මහා පරිමාණ වී මෝල් හිමියන්ගෙන් ඇහුවත් ඔවුන් කියන්නෙත් එහෙම දෙයක් කරන්න බෑ කියලා. ඒ නිසා රජය 63% ප්‍රතිශතය පිලිගැනීම පිලිබදව අපි රජයට ස්තූතිවන්ත වෙනවා.”

” මේ ඉන්නෙ වී කොටන්න බැරි අය නෙමෙයි… පුලුවන් අය. රජය බලාපොරොත්තු වන ප්‍රමිතියෙන් යුක්ත සහල් දෙන්න අපිටත් පුලුවන්. අපිට ලොකු මෝල් වලටත් වැඩිය හොඳට ප්‍රමිතිය හදන්න පුලුවන් නිසා තමයි ක්‍රමානුකූලව ගහලා අපිව වැට්ටුවෙ. අපිට ඒවාට සාධක තියෙනවා. අපේ මෝල් පරීක්ෂා කරන්න. අපේ මෝල්වල ඔය ලොකු මෝල්වල තියෙන මැෂින් ඔක්කොම තියෙනවා.අපිට හාල් නිෂ්පාදනය කරන්න පුලුවන්. නමුත් ඇමතිතුමා කියන ධාරිතාව අපිට දෙන්න බෑ. ඒ ධාරිතාව දෙන්න පුලුවන් ඉන්නෙ ලංකාවෙම තුන් හතර දෙනයි.

අපි කියන්නෙ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ටත් ඒ අවස්ථාව ලබා දෙන්න. ඒ නිසා කොහෙවත් ඉන්න හොරු කියන කතා විශ්වාස කරන්නෙ නැතුව අප ගැන විශ්වාස කරන්න. අපි අපේ විශ්වාසය රකිනවා දැනට අක්‍රීය තත්ත්වයේ පවතින කුඩා මෝල් ප්‍රතිසංස්කරණය කිරීටම අවශ්‍ය පසුබිම සකස් කර දී ගම සමග සම්බන්ධ වෙමින් ගමේ ව්‍යපායර නගා සිටුවීමට කටයුතු කරන ලෙස ද කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ ඉල්ලා සිටියහ.

මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සංගමයේ සභාපති, එච්.ආර් රත්නායක, එම සංගමයේ සාමාජික ජයනෙත් කුමාර ජයසිංහ, අධ්‍යක්ෂ ප්‍රසාද් හේමන්ත අදහස් දැක්වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජිත්ට වඩා හොඳට විපක්ෂ නායක භූමිකාව නාමල් කරනවා… ලාල් කාන්ත කියයි!

Next Post

පොහොට්ටුවේ ප්‍රදේශීය සභා මන්ත්‍රී ගංජා සමග අත් අඩංගුවට…

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.