බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හමුදාවේ හිටපු සෙබලෙක් වූ පාතාල බැලයෙක් ගිනි අවි 02ක් හා  උණ්ඩ සමග   අත්අඩංගුවට.

by editor
ඔක්තෝබර් 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

තිස්සමහාරාම සාමගුලිය ප්‍රදේශයේ වැව් ඉස්මත්තේ වගාභූමියක පිහිටි වාඩියක සැඟවී සිටි සැකකරුවෙකු ගිනි අවි 02ක් හා විවිධ වර්ගයේ ජීව උණ්ඩ 17ක් සමග තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ ( 11 ) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාම,කාවන්තිස්සපුර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි “චුටී” නැමති අන්වර්ථනාමයෙන් හඳුන්වනු ලබන හිටපු හමුදා සෙබලෙකි.

පොල්හේන්ගොඩ යුධ හමුදා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ලබාදෙන ලද තොරතුරකට අනුව තංගල්ල කොටඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයාගේ උපදෙස් පරිදි මෙම වැටලිම සිදුකර තිබේ.

වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කු 02 ක්, T- 56 වර්ගයේ ජීව උණ්ඩ 11 ක්, M.P.M.G වර්ගයේ ජීව උණ්ඩ 03ක් හා M- 16 වර්ගයේ ජීව උණ්ඩ 03 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකළ මුලික ප්‍රශ්න කිරිමේදී අනාවරණය වී ඇත්තේ සැකකරු කලක් ගජබා රෙජිමේන්තුවේ සේවය කරන ලද යුධ හමුදා සෙබලෙකු බවත්, පසුව ඔහු 2013 වසරේ නීත්‍යානුකූලව යුධ හමුදාවෙන් ඉවත්ව ඇති බවත්ය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

සැකකරු කලක සිට විදෙස්ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි “ජයසේකර චුටි” නැමැත්තා සමග සමීප සබධතා පවත්වා ඇති බවද විමර්ශනවලදී අනාවරණය වි තිබේ. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා තිස්සමහාරාම පොලිසියට බාර දී ඇති අතර ඔහු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

තංගල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිපුන දෙහිගම ගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එස්. වසන්ත කුමාරගේ මෙහෙයවිම මත පොලිස් සැරයන් (44974) මංජුල නිළධාරීයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැයන් වරුන් වන (19894)උදයංග,(68435)චමින්ද පොලිස් කොස්තාපල් වරුන් වන (79437)ප්‍රතාපසිංහ,(36847)වීරසේකර හා (89893)මදුරංග යන නිලධාරීන් එක්ව වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිනි අවියක කොටස් හා ගංජා පාර්සලයක් මත්තල අධිවේගයෙන් පන්නන් හැදූ සැකකරුවෙක් අත් අඩංගුවට… සැකකරුට පොලිසි 04 පැමිණිලි 14ක්.

Next Post

2024 වසර සඳහා රජයේ රෝහල්වලට නිකුත් කළ කෝටි 421කට වැඩි ඖෂධ හා ශල්‍ය උපකරණ තත්ත්වය අසමත්වී නිසා ඉවත් කරලා…. විගණනය හෙළි කරයි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.