බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

කොරෝනා අස්සේ අභ්‍යවකාශයට ගිය ඇමෙරිකාවේ SpaceX…

by Lanka Sara Editor
මැයි 31, 2020
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතයෙන් රටම ගිලගෙන සිටින මොහොතේ වුවත් ඇමරිකානුවන් සිය තාක්ෂණික අත්හදාබැලීම් නතර කරන බවක් පෙනෙන්නේ නම් නැත. පසුගිය කාලය පුරාම ඔවුන් විවිධාකාරයේ පර්යේෂණ ගණනාවක නිරත වූහ. ඊට දිය හැකි ළඟම උදාහරණය වන්නේ පෞද්ගලික රොකට් සමාගමක් වන space x සමාගම විසින් ගගනගාමීන් දෙදෙනකු  අභ්‍යවකාශගත කිරීමයි.

SpaceX රොකට්ටුව මැයි 27 වැනිදා අභ්‍යවකාශගතකිරීමට සැලසුම් කර තිබුණත් අයහපත් කාලගුණය හේතුවෙන් එය 30 වැනිදාට කල් දැමීමට SpaceX සමාගම සහ නාසා ආයතනය තීරණය කළහ. කෙසේහෝ ඉතා හොඳින් ඉර පායා තිබූ සෙනසුරාදා දිනයේ ෆ්ලොරිඩාහි කේප් කැනවරල් සිට මෙම යානය අභ්‍යවකාශය වෙත පිටත් කරහරිනු ලැබීය. ඇමරිකානුවන් දහස් ගණනක් මෙම අවස්ථාව ඒ අවට ප්‍රදේශවල සිට නැරඹු අයුරු ඇමරිකානු මාධ්‍ය විකාශනය කළහ.

මෙම අවස්ථාව දැකබලා ගැනීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති මයික් පෙන්ස්ද පැමිණ සිටීමෙන් පැහැදිළි වන්නේ මෙම ව්‍යාපෘතිය ඇමරිකානුවන්ට අතිශයින්ම වැදගත් බවයි. space x සමාගම මෙලෙස අභ්‍යවකාශගතකළ රොකට්ටුව නම් කර තිබුණේ crew dragon ලෙසයි.

මෙම ව්‍යාපෘතියට ඔවුන් දී තිබූ අන්වර්ථ නාමය වූයේ “මකර ආගමනය” යන්නයි. ඔවුන් එසේ හඳුන්වන්නේ මෙම අභ්‍යවකාශ යානය ඇමරිකානුවන් 1981 වසරට පසුව අභ්‍යවකාශයට යවන නවීනතම යානාව වන නිසාය. ඔවුන් මෙතෙක් කල් යැවූ බොහෝ යානා නැවත නැවත අලුත්වැඩියා කළ ඒවාය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නවතම යානාවක් අභ්‍යවකාශගතකිරීමේ තාක්ෂණික අභියෝගය භාරගත්තේ සුප්‍රකට “ටෙස්ලා” සමාගමේ සහ space x සමාගමේ  ප්‍රධානි ඊලෝන් මස්ක්ය. නාසා ආයතනය සිය අභ්‍යවකාශ මෙහෙයුම් ඉතිහාසයේ පළමු වතාවට ව්‍යාපෘතියක් පෞද්ගලික සමාගමකට පැවරූ පළමු අවස්ථාව මෙය වීමද ඓතිහාසික සිදුවීමකි. නාසා ගගනගාමීන් දෙදෙනකු වන ඩග්ලස් හර්ලි සහ රොබර්ට් බෙන්කන් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් යෙදවීමටත් නාසා ආයතනය නොපැකිලිව ඉදිරිපත් විය.

කෙසේහෝ එම අභියෝගය සාර්ථක කර ගැනීමට නාසා ආයතනයත් space x සමාගමත් දැන් සමත්වී තිබේ. අද (31) දිනය ඉතා තීරණාත්මකය. තව පැය කිහිපයකින් ඩග්ලස් හර්ලි සහ රොබර්ට් බෙන්කන් රැගත් SpaceX යානාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමට නියමිතව ඇත. විශේෂත්වය වන්නේ එම ඒකාබද්ධ කිරීමේ කාර්යය සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රිය ක්‍රියාවලියක් ( automatic docking system) වීමයි.

SpaceX යානාව විශේෂ සංවේදක උපාංග (sensors) සහ විශේෂ කැමරා පද්ධතියකින් යුක්තය.මෙම ස්වයංක්‍රිය ඒකාබද්ධ කිරීමේ (docking system) ක්‍රියාවලිය ඔවුන්ට ආගන්තුක දෙයක් නොවේ. පසුගිය වසරේ ඔවුන් විසින් නියමුවන් රහිත යානයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සාර්ථකව සම්බන්ධ කළ නිසා මෙවර ඔවුන් කිසිදු චකිතයකින් තොරව සිය ඩොකින් ක්‍රියාවලිය සිදුකිරීමට අපේක්ෂාවෙන් සිටී.

කෙසේවෙතත් ඩග්ලස් හර්ලි සහ රොබර්ට් බෙන්කන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වීමට පෙර නියමු පාලනයෙන් යානය පදවාගෙන යෑමටත් සැලසුම් කර තිබිණි. මෙම ලිපිය ලියන අවස්ථාවේ ඔවුන් විසින් එම ක්‍රමවේදය අත්හදාබලමින් සිටිනවා විය හැක. ඔවුන් සතුව ඇති පාලන පුවරුව සම්පුර්ණයෙන්ම  ටච් ස්ක්‍රීන් මුහුණතකි ( touchscreen interface ).

කෙසේවෙතත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ආසන්න වන විට යානය ස්වයංක්‍රියවම නියමු පාලනයෙන් ස්වයංක්‍රිය පාලනයට හැරෙන ලෙස සකසා තිබීම විශේෂත්වයකි. එතැන් සිට ඩොකින් ක්‍රියාවලිය අවසන් වනතුරු ස්වයංක්‍රිය පාලනය ක්‍රියාත්මක වනු ඇත.

එක්සත් ජනපදයේ වේලාවෙන් උදෑසන 10:29ට මෙම SpaceX යානාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා ඒකාබද්ධ කිරීමට නියමිතය.

මෙම අභ්‍යවකාශ ගමන ඇමරිකාවට සේම සමස්ත ලෝකයටම තීරණාත්මකය. මෙම ව්‍යාපෘතිය සාර්ථක වනවා යනු දැවැන්ත පියවර ගණනාවක් ඉදිරි වසර කිහිපයේදී තැබීමට නියමිතව තිබෙනවා යන්නයි. විශේෂයෙන්ම ටෙස්ලා සහ SpaceX සමාගමේ මූලිකම පරමාර්ථය වන්නේ අභ්‍යවකාශ තරණය වාණිජව ලාබ ලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමය. එනම් සාමාන්‍ය මිනිසුන් අභ්‍යවකාශය වෙත ගෙන යෑමේ කාර්යය සිදු කිරීමයි.

ඔවුන් ඒ වෙනුවෙන් වූ මූලික කටයුතු සියල්ල මේ වනවිට සිදුකර අවසන්ය. ඉතාම මෑත කාලයේදී අභ්‍යවකාශ තරණය සඳහා මුදල් යෙදවිය හැකි පිරිසක් අභ්‍යවකාශය වෙත ගෙන යෑමට ඔවුන් අපේක්ෂා කරයි. නාසා ආයතනය ඒ සඳහා ඔවුනට අවශ්‍ය මූලික වටපිටාව දැන් සකසා අවසන්ය. මෙම SpaceX අභ්‍යවකාශ ව්‍යාපෘතියද එම කාර්යය පරික්ෂා කරන තවත් එක් මෙහෙයුමකි.  SpaceX සමාගමේ මෙන්ම නාසා ආයතනයේත් වොෂිංටන් පාලනයේත් අවසාන අරමුණ එකකි. අභ්‍යවකාශයට පළමුවෙන්ම සාමාන්‍ය සංචාරකයින් ගෙන ගිය රට ලෙස ඇමරිකා එක්සත් ජනපදය ඉතිහාසයට එක්කිරීම එම අරමුණයි. ඒ අරමුණ ඉටු කරගනිමින් ඉතිහාසයට එක්වීමට ඔවුන් ඉතා ආසන්න බවනම් පැහැදිළිය.

පමුදිනී හෙට්ටිගොඩ

Tags: නවතම
Share85Tweet43
Previous Post

තොණ්ඩමන්ගේ අන්තිම මොහොතේ කළ ඉල්ලීම් ගැන අගමැති අවමඟුලේදී කියයි…

Next Post

කොවිඩ් ආසාදනය වී පැමිණෙන විදේශගත වූවන් රටට ලොකු ප්‍රශ්නයක්

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.