බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක ප්‍රකට සීගිරියේ ජල මල්වලට ජලය ලැබෙන ජල මූලාශ්‍රය මධ්‍යම සංස්කෘතික අරමුදලේ පර්යේක්ෂකයින් සොයා ගනී!

by editor
ඔක්තෝබර් 3, 2025
in පුවත්
Water-Fountain-of-Sigiriya_enhanced
Share on FacebookShare on Twitter

ලෝක උරුම සීගිරියේ ජල මල්වලට වතුර ලැබෙන ක්‍රමය තහවුරු කරගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පර්යේක්ෂකයින් කණ්ඩායමක් සමත් වී තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ ප්‍රකාශ කළේ පසුගිය කාලය තුළ ජල මල් පවිත්‍ර කරන කාලය තුළ එම ජලමල් වෙත ජල ප්‍රවේශ මාර්ගය අනාවරණය කර ගත් බවය.

ලෝක උරුම සීගිරියේ ජලමල් දෙස් විදෙස් සංචාරකයින් දැඩි ආකර්ෂණයට පත් කර තිබිණි. ක්‍රිස්තු වර්ෂ 477 දක්වා ඈතට දිවෙන සීගිරිය, නගර සැලසුම්කරණය සම්බන්ධයෙන් දකුණු ආසියාවේ හොඳ ම සංරක්ෂිත උදාහරණවලින් එකක් සේම  වැදගත් ම පුරාවිද්‍යා භූමිවලින් එකකි. එමෙන්ම සීගිරි උද්‍යානය  දකුණු ආසියාවේ හොඳම සංකරක්ෂිත ජල උද්‍යානය ය.

හයිඩ්‍රොලික් බලය (ද්‍රව පීඩනයෙන් උපදවන බලය), භූගත අගල් පද්ධතිය හා ගුරුත්වාකර්ෂණ බලය භාවිත කර, වසර 1500කට ආසන්න කාලයක් පුරා  ක්‍රියාත්මක තත්ත්වයේ පවතින   දර්ශනීය සිත්ඇදගන්නාසුළු පොකුණු සහ වතුර මල් සහිත මේ ජල පද්ධතිය ඉංජිනේරු (විද්‍යාවේ) ආශ්චර්යයක් ලෙස සැලකුණි.

RelatedPosts

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

මෙම ජලමල් සීගිරි වැවේ ජල දහර හා සම්බන්ධ බවට අනුමානයක් විය. එමෙන්ම සීගිරිය වටා ඇති දිය අගල හා මේ ජල මල් අතර ක්‍රියාකාරිත්වය සම්බන්ධ අදහසක් මේ විෂය සම්බන්ධ ප්‍රමාණික අධ්‍යයනයක් කළ විද්වත්හු උපකල්පනය කර තිබිණි.

දිය අගල…

සීගිරි ජල මල්වල ක්‍රියාකාරිත්වය හෙළි දරවු කරගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට හැකි වන්නේ ඒ පසුබිමේදී ය.  මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මෙසේ ප්‍රකාශ කළේය.

“සාමාන්‍යයෙන් සෑම වර්ෂා කාලයේ දීම සීගිරියේ ජල මල් ක්‍රියා කරනවා. නමුත් ගිය වසරේ අග භාගයේ දී ඒ විදිහට ජල මල් ක්‍රියාත්මක වුනේ නෑ. ඊට ප්‍රධානම හේතුව   නල මාර්ගවල රොන් මඩ පිරිලා අවහිර වෙලා කියන අදහසින් තමයි අපි හිටියේ.

ඒ හින්දා ඒ රොන්මඩ ඉවත් කරලා ක්‍රියාකාරී තත්ත්වයට ගන්න පරමාර්ථයෙන් අපි  පහුගිය වැහි කාලයේ දී  කැණීමක් කරලා එම භූගත කානු පද්ධතිය විවර කරගත්තා. විවර කරන් ප්‍රවේශමෙන් එම පද්ධතිය පවිත්‍ර කළා.

ඒකත් එක්කම අපට පුලුවන්කම ලැබුණා එම ජල මල් පද්ධතිය ක්‍රියා කරන ආකාරය සහ ඒකට ජලය එන නල මාර්ගය පිළිබඳ සොයා ගන්න.

සීගිරියේ සීතල මාලිගාව කියලා ප්‍රදේශයක් තියනවා. ඒක වටේ තියනවා ලොකු දිය අගලක්. වර්ෂා කාලයේ දි   මේ අගල පිරුණහම  ජල මල්වලට වඩා ටිකක් උඩට  දිය අගලේ ජල මට්ටම ඉහළ යනවා.    එම ජලය පිරුණාම එන පීඩනයත් එක්ක මේ නල මාර්ගවලින් ජලය ඇවිත් ඒ ජල මල් ක්‍රියාතමක වෙනවා.”

“ඒ ගැන තිබුණෙ අනුමානයක්. අපි ඒක සොයාගෙන තියනවා. “ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අම්පාර දිස්ත්‍රික්කයේ රෝහල් වර්ජනය  03 වැනි දිනටත්… අම්පාර දිස්ත්‍රික්  රෝහලත් වර්ජනයට එක් වුනොත්  රෝගීන් 50000ක් අපහසුතාවයට…

Next Post

පාසල් එමින් සිටි දැරියන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ පියාට වන අලි ප්‍රහාරයක්… තිදෙනාම ගල්ගමුව රෝහලේ…

Related Posts

පුවත්

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana
පුවත්

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026
පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!
  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.