පාසලට සිය දරුවන් දෙදෙනා රැගෙන යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එම පියා සහ දරුවන් දෙදෙනා රෝහල්ගත කිරීමේ පුවතක් මහව අධ්‍යාපන කලාපයේ වන්නිඅමුණුකොලේ ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම වන අලි ප්‍රහාරයට ලක් වන්නේ වන්නිඅමුණුකොලේ සිට මහනාන්නේරිය පාසල වෙත යමින් සිටි දැරියන් දෙදෙනෙක් සහ පියෙකි.
වන අලි ප්‍රහාරයට ලක්වත්ම එම පියා දරුවන්ද රැගෙන අසල වු විදුලි වැටෙන් ඇතුළට යන්නට උත්සාහ කරද්දී පියාට පහර දුන් වන අලියා වැඩිමහල් දියනිටයත් පහර දී කුඩා දියණිය ඉවතට විසි කර තිබේ.
විදුහල්පතිවරිය මහව අධ්‍යාපන අධ්යක්ෂවරයාට දන්වා ඇත්තේ නිරන්තරයෙන් වන අලියා මග රැඳී සිටීම හේතුවෙන් මේ මාර්ගයේ දරුවන්ට පාසල් පැමිණීම ජීවිත අවදානමක් ඇති කර තිබෙන බවය.
එමෙන්ම මේ වනවිට මහව දුෂ්කර පාසල් බොහෝමයක බරපතල තත්ත්වයක් මේ වන අලි ගැටලුව නිසා ඇති වී තිබෙන බවත්. දරුවන් පාසල් යැවීම පිළිබඳ දැඩි භිතියකින් දෙමව්පියන් පසුවන බවත් වාර්තා වේ.







