අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ලංකා සුදු ඩීසල්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 සහ ලංකා භූමිතෙල්වල මිල ගණන් අඩු වී තිබේ.
- ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින් අඩු වී ඇත. ලීටරයක පැවති මිල රුපියල් 283කි. නව මිල රුපියල් 277කි.
- ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95යුරෝ 4 ලීටරක මිල රුපියල් 06කින් අඩු වී තිබේ. ලීටරයක පැවති මිල රුපියල් 341කි. නව මිල රුපියල් 335කි.
- ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් අඩු වී තිබේ. ලීටරයක පැවති මිල රුපියල් 185කි. ලීටරයක නව මිල රුපියල් 180කි.
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ඉන්ධන මිල සහ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ඉන්ධන මිල සංශෝධනය වී නැත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.








