බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම අතර කජ්ජාත් ඉඳලා…

by editor
සැප්තැම්බර් 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීමට පැමිණි කණ්ඩායම අතර අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා ද සිටි බවට තහවුරු වී ඇති බව පොලිසිය අනාවරණය කළේය.

ඒ අද (30) පස් වරුවේ පැවති පොලිස් මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර හේරත් එම අනාවරණය සිදුකළේ මෙසේය.

“ වසීම් තාජුඩීන්ගේ වාහනය ගමන් කරන අතර  එක්තරා අවස්ථාවක දී වසීම් තාජුඩීන් හැව්ලොක් ප්‍රදේශයේ තිබෙන එක්තරා සුපිරි වෙළඳ සංකීර්ණයක් අසල නවත්වලා වතුර බෝතලයක් මිලදී ගන්න ඒ සුපිරි වෙළඳසල ඇතුළට යනවා. ඒ ගිහින් ඇවිත් නැවත මෝටර් රථයේ නැගී ගමන් කරද්දී ඔහුගේ කාර් රථය පසුපසින් තවත් මෝටර් රථයක් ගමන් කරනවා පේනවා. “

“එම රථය සම්බන්ධව සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේ දී ඒ රථය අසල තවත් පුද්ගලයෙක් සිටින බව නිරීක්ෂණය වෙනවා. මේ සම්බන්ධ සීසීටීවී දර්ශන එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  මාධ්‍යයට නිකුත් කරනවා.  මේ පුද්ගලයා හඳුනා ගන්න පුලුවන්ද කියලා මාධ්‍යයට නිවේදනයකුත් නිකුත් කළ නමුත් කිසිම කෙනෙකුට මෙම රථය අසල සිට රථයට නගින පුද්ගලයා හඳුනා ගන්න හැකියාවක් තිබුණෙ නෑ.”

“  අරුණ ශන්ත නොහොත් කජ්ජා නැමති අපරාධ කල්ලි සාමාජිකයා මේ වසරේ මුල් කාලයේ දී ඝාතනය වෙනවා. ඔහුගේ ඝාතනයට ඍජුව සම්බන්ධයක් තියනවා කියලා අනාවරණය වෙනවා  බැකෝ සමන් නැමැති පුද්ගලයා.”

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

“ඒ අනුව කජ්ජා කියන පුද්ගලයාගේ බිරිඳත් මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ප්‍රකාශයක් ලබා දෙනවා තමන්ගේ ස්වාමිපුරුෂයාගේ ඝාතනය සඳහා ඉතාම පැහැදිලිව මේ බැකෝ සමන් නැමැති පුද්ගලයාගේ සම්බන්ධයක් තියනවා කියලා.”

“කජ්ජාගේ බිරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිත් ප්‍රකාශය දෙනකොට කියනවා කරනවා තමන්ගේ ස්වාමිපුරුෂයාට  මරණ තර්ජන විශාල ප්‍රමාණයක් තිබුණා කියලා. “

“2023 වර්ෂයේ දී එක්තරා වැඩියූ ටියුබ් නාලිකාවකට සම්බන්ධවෙලා අරුණ ශාන්ත නොහොත් කජ්ජා සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා. මේ සම්මුඛ සාකච්ඡාවේ දී   වසීම් තාජුඩීන් නැමැත්තාගේ ඝාතනය සඳහා අදාල විශේෂිත වූ සිද්ධියක් සම්බන්ධවත් ඔහු අනාවරණය කරනවා.”

“ මේ තොරතුරු ගොනු කරන් ඉන්න අපරාධ විමර්ශකයින්  වසීම් තාජුඩීන්ගේ මෝටර් රථය හඹා යන මෝටර් රථයට නගින පුද්ගලයාගේ සීසීටීවී දර්ශන මැයට පෙන්වා සිටිනවා මොහුව හඳුනා ගන්න පුලුවන් ද කියලා අහනවා. ඇය විසින් එම දර්ශන පරීක්ෂා කරලා වැඩි දුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දීලා තියනවා මේ ඉන්නෙ තමන්ගේ ස්වාමිපුරුෂයා කියලා.”

“ඒ සීසීටීවී දර්ශනවල තියනවා එක් අවස්ථාවක   ඉනට අත් දෙක තබාගෙන සිටින අවස්ථාවක්. ඒ අවස්ථාවේ දී ඇය ප්‍රකාශ කරලා තියනවා මගෙ මහත්තයට කාලයක සිට කොන්දේ අමාරුවක් තියනවා. ඒ අනුව එයා බොහෝ දුරට මේ ඉරියව්වෙන්  බොහෝ අවස්ථාවල ඉන්නවා කියලා.”

“එතකොට ඒ අනුව ඇයගේ ප්‍රකාශවලින් තහවුරු වෙලා තියනවා මේ සීසීටීවී දර්ශනවල හිටිය පුද්ගලයා මිදදෙනියේ කජ්ජා බවට. දැනට අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව මගින් ඒ සම්බන්ධව අනාවරණය කරගෙන තිබෙනවා.  “ වැඩ බලන මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම හෙළා දකිමින් ත්‍රෛනිකායික මහා නායක හිමිවරු ජනපතිට ලියති!

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය වන අයුරු…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.