සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝගී වී ප්‍රතිකාර ගැනීමට රෝහල්වලට යන මානසිකත්වය වෙනස් කරගෙන රෝගයක් තිබේදැයි හඳුනාගැනීමට සායනවලට යන සංස්කෘතියක් ඇති කළ යුතුයි… සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති!

by editor
සැප්තැම්බර් 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

රොගී වී ප්‍රතිකාර ගැනීමට ‍‍රෝහල්වලට යන මානසිකත්වය වෙනස් කර රෝග ලක්ෂණ පහළ වීමට පෙර රෝගයක් තිබේ දැයි හඳුනා ගැනීම සඳහා රෝහල් වලට යන සංස්කෘතියක් රටේ ඇතිවිය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි  පවසයි.

රෝග ලක්ෂණ පහළ වීමට සෑහෙන කාලයක් ගතවීම නිසා බෝනොවන රෝග වලින් පෙළෙන ජනතාව ප්‍රතිකාර සඳහා යොමුවීම ප්‍රමාද වීමෙන් එම රෝග පාලනය කිරීම රටක් ලෙස මුහුණ දීමට සිදුව තිබෙන ප්‍රධාන අභියෝගයක් බව ද අමාත්‍යවරයා  ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ආරෝග්‍යා වැඩසටහන යටතේ යටිනුවර මැණික්දිවෙල විදුහලේ දී අද (27) පැවැති වෛද්‍ය සායනයකදීය.

බෝ නොවන රෝග කල්තියා හඳුනා ගැනීමට සඳහා පරීක්ෂණ මෙහි දී නොමිලේ සිදු කෙරුණු අතර අදාළ රෝග සම්බන්ධයෙන්වන දැනුවත් කිරීමේ වැඩසටහන්ද ඊට අන්තර්ගත විය.

එහි දී හංසක විජේමුණි නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“බෝ නොවන රෝග පාලනය රටක් ලෙස අපි මුහුණ දෙන ලොකුම අභියෝගයයි. අනෙක් රෝග මෙන් කල්තියා දැන ගැනීමට නොහැකි වීම බෝනොවන රෝග පාලනයට තිබෙන ලොකුම ගැටලුවක්. අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග වලින් පෙළෙන පුද්ගලයින් ප්‍රතිකාර වලට යොමු වන්නේ කාලයක් ගතවූ පසුවයි. ඊට හේතුව මුල් අවධියේ රෝග ලක්ෂණ මතු නොවීමයි. කොලොස්ටරෝල් වුණත්  ඇඟේ ප්‍රමාණය ඉක්මවා තිබෙන බව අපිට දැනෙන්නේ නැහැ. මේවාහි පොඩි පොඩි රෝග ලක්ෂණ මතු වෙන්නේ කල් ගිහින්.

මේ නිසා අවුරුදු 35 පමණ ඉක්මවූ පසු රෝහල් වලට හෝ  පහසුකම් පවතින ස්ථාන වලට ගිහින් බෝනොවන රෝග හඳුනා ගැනීම සඳහා තිබෙන පරීක්ෂණ සිදුකර ගැනීම පුරුද්දක් ඇතිකර ගත යුතු වෙනවා.

බෝනොවන රෝග ල පවතින සුවිශේෂි ලක්ෂණය තමයි මේවා මුල් අවස්ථාවේම පාලනය කිරීම මගින් රෝගයෙන් සිදුවන බලපෑම අවම කර ගැනීමට හැකිවීම. අවාසනාවකට අපි මේවා හඳුනාගන්නේ රෝගී තත්ත්වය වැඩිවෙලා සංකූලතා මතු වුණාට පසුවයි. සංකූලතා මතු වුණාම රෝගය පාලනය කිරීම සඳහා ගොඩක් ඖෂධ ගන්න වෙනවා. විවිධ ප්‍රතිකාර විදි වලට යන්න වෙනවා. ඒ ප්‍රතිකාර විදි බොහොමයක් අපේ සෞඛ්‍ය පද්ධතිියට දරා ගන්න බැහැ. එක රෝගියෙකු වෙනුවෙන් මිලියන ගණන් වැය කරන්න වෙනවා.

රටක් විදිහට එවැනි රෝගීන් විශාල සංඛ්‍යාවකට එකවර ප්‍රතිකාර ලබා දීමට තරම්  ආර්ථික හැකියාවක් අපිට නැහැ. මේ සියල්ල සැලකූ විට මූලික අවස්ථාවේදීම රෝග හඳුනා ගැනීම ඔස්සේ ප්‍රතිකාරවලට යොමුවීම ඉතාම වැදගත්. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ක්‍රියාත්මක කරන ආරෝග්‍ය වැඩසටහනේ මූලික අරමුණ තමයි රෝග ලක්ෂණ පහළ වනතෙක් බලා නොසිට බෝනොවෙන රෝග ඇත්දැයි හඳුනා ගැනීම සඳහා අදාළ පරීක්ෂණ වලට යොමුවන ලෙස ජනතාවට පණිවඩියක් ලබාදීම.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමති කුමාර ජයකොඩිට නඩු දැමීම අනිවාර්යයි… අල්ලස් කොමිසම කියයි!

Next Post

නන්දන ගුණතිලකට ට්‍රැක් පැනලා… බෙහෙත් අධිකරණයෙන්ම ලැබෙන ලකුණු!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.