සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නන්දන ගුණතිලකට ට්‍රැක් පැනලා… බෙහෙත් අධිකරණයෙන්ම ලැබෙන ලකුණු!

රංග දිසානායක ජවිපෙ නීති කමිටුවෙ හිටියා කියන්නේ රංගට සමාන වෙනත් නීතිඥයෙකුගේ හැඩ රුව පටලවාගෙන බව හෙළි වෙයි...

by editor
සැප්තැම්බර් 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

ජනතා විමුක්ති පෙරමු⁣ණේ ලේකම්වරයා ලෙස කටයුතු කළ හා පසුව එක්‍සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කරන ලද නන්දන ගුණතිලක පසුගියදා ප්‍රකාශ කරන ලද්දේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙ අධ්‍යක්ෂ ජනරාල් රංඟ දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ විනය කමිටුවක සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති බවය.

නන්දන ගුණතිලක විසින් සිඳු කළ එම ප්‍රකාශය මේ වන විට සමාජය කම්‍පනය කරවන බරපතල ප්‍රකාශයක් වී තිබේ. ජාජබ රජයට එරෙහි විරුද්ධ පාක්ෂිකයන්ට නන්දන ගුණතිලක ගේ ප්‍රකාශය අකාලයට ඇද වැටුන වැස්සක් වී ඇති බව පෙනී යයි. එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය තහවුරු කර ගැනීම පසෙක තබා අල්ලස් හෝ දූෂණ කොමිෂ⁣මේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට එරෙහිව විශාල මඩ ප්‍රහාරයක් සමාජ මාධ්‍ය මගින් මුදා හැරෙමින් පවතී. දූෂණ හා වංචාවට එරෙහිව ජාජබ රජය මුදා හැර ඇති නෛතික ක්‍රියාන්විතය නිසා තක්බීරි වී සිටින බොහෝ දුෂිත දේශපාලඥයන් එම මඩ ප්‍රහාරය වඩාත් සාර්ථකව කර ගැනීම සඳහා සිය පාක්ෂිකයන් වෙත “අරළු බුළු නෙල්ලි” සපයමින් සිටින බවද අමුතුවෙන් සඳහන් කළ යුතු කරුණක්ද නොවේ.

නන්දන ගුණතිලක – විනය හේතුමත ජ.වි.පෙන් පන්නා දැමු කාඩරයා

නන්දන ගුණතිලක පසුගිය දශකය තුළ මෙරට දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් නොවීය. විනය ⁣හේතූන් මත ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනයෙන් නෙරපා හරින ලද ඔහ්‍ර පසුව එක්‍සත් ජාතික ⁣පක්ෂයට එක්විය. අනතුරුව ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පානදුර නගරාධිපති වරයා වශයෙන් කටයුතු කරන ලදී. නගරාධිපති කම අහිමි වීමෙන් පසුව ජාතික ⁣දේශපාලන වේදිකාවේ දකින්නට නොසිටි නන්දන ගුණතිලක මෑතකදී මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි කිරීමට ජාජබ රජය සැළසුම් කර ඇති වැඩපිළිවෙල විවේචනය කරමින් සමාජ මාධ්‍යයේ තර්ජනාත්මක සඳහනක් කර තිබුණි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප රජය මගින් අහිමි කළ හොත් තමන් මරා ගෙන මැරෙන බවටය. ඔහුගේ එම තර්ජනාත්මක සඳහන සමාජය තුළ විවිධ පාර්ශවයන් තුළ සාකච්ඡාවට ලක් කෙරුණ අතර එහිදී ඔහු දැඩි විවේචනයටද ලක් විය. මෙරට පැවැති දේශපාලන වටපිටාව තුළ නන්දන ගුණතිලක පිළිබඳව නැවත කතා බහකට ලක් වෙන්නට ගත්⁣තේද එතැන් සිටය.
නැවතත් නන්දන ගුණතිලක පිළිබඳව  දේශපාලනිකව අවධානයට ගැනෙන්නේ අල්ලස්⁣ හෝ දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ගැන සිදු කළ මේ ප්‍රකාශයත් සමගය. නන්දන ගුණතිලක වැනි ඇට්ටකුණා වී ගිය දේශපාලඥයකු මෙවැනි ප්‍රකාශයක් කිරීම පවා සිතන්නට අපහසුය. එය හරියටම මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු ගේ ක්‍රියා කළාපයට සමානය. ඔහු විසින් සිදු කළ මේ ප්‍රකාශයේ බරපතලකම ගැන අදහසක් ඔහුට නොතිබේ නම් ඔහු දැඩි මානසික ආරවුලකින් සිටින බවට සැක කළ හැකිය. එසේත් නැතිනම් ඔහු රැවටීමකට පැටලී සිටී.

ට්‍රැක් මාරු වෙලා…

සැබවින්ම නන්දන ගුණතිලක අල්ලස් හෝ දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගැන ප්‍රකාශය පිළිබඳව අප සිදු කරන ලද සොයා බැලීම් වලදී අපට තහවුරු වූයේ ඔහු යම් රැවටීමකට ලක් වී සිටින බවය.අල්ලස් හෝ දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් රංඟ දිසානායක හා සමාන නීති ක්ෂේත්‍රයේ සිටින වෙනත් අයෙකු ගේ ස්වරූපය හා පටලාගෙන නන්දන ගුණතිලක මේ ප්‍රකාශය කර තිබෙන බවට අප දැනුවත් වූ තොරතුරු වලින් නිශ්චිතය.
රංග දිසානායක 2004 වර්ෂයේ සිට වසර විසි එකක් මහේස්ත්‍රාත්වරයකු ලෙස හා මහාධිකරණ විනිසුරු වරයකු ලෙස සේවය කර මේ වන විට අධිකරණ සේවයට අනුයුක්තව අල්ලස් හෝ දූෂණ⁣ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස කටයුතු කරමින් සිටී. නන්දන ගුණතිලක ප්‍රකාශ කරන ආකාරයට රංඟ දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නීති විනය කමිටුවක සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත්තේ ඔහු පක්ෂයේ ලේකම් වරයා ලෙස කටයුතු කරමින් සිටියදීය. ඔහු ජනතා විමුක්ති පෙරමු⁣ණේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත්තේ 1998 වර්ෂයේදීය. රංඟ දිසානායක නීති විද්‍යාලයට ඇතුළත් වී ඇත්තේ 1997 වර්ෂ⁣යේදීය. එම වර්ෂයේ නීති විද්‍යලයේ නීතිය හදාරන ලද බොහෝ අයවළුන්ගෙන් අප කළ විමසීම්වලදී අනාවරණය වූයේ රංඟ දිසානායක ජවිපෙ ක්‍රියාකාරිකයකු ලෙස නොසිටි බවය. ඔවුන් සැක පහළ කරන්නේ රංග දිසානායකට සමාන රූපයක් ඇත්තෙකු පිළිබඳව නන්දන ගුණතිලක රැව⁣ටී ඇතිය යන්නය. තව දුරටත් රංඟ දිසානායකගේ නීති විද්‍යාලීය සමකාලීනයන් ප්‍රකාශ කරන ලද්දේ ඔහුගේ අවුරුදු 14 ක අධිකරණ සේවය තුළ මෙවැනි චෝදනාවක් ගැන අසන්නට පවා නොළැබුන බවය.
මෙහිදී අපට සිහිපත් වන්නේ ප්‍රෙඩී සිල්වාගේ නිකම් ඉන්න එපා ගහපල්ලා බං පෙත්සම් ගීතයයි. ඒ මන්ද යත් රංග දිසනායක ජවිපෙ ක්‍රියාකාරිකයකුව සිට අධිකරණ සේවාවට ඇතුළු වූයේ නම් ඔහුගේ දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳව සඳහන් කර පෙත්සමක් හෝ ලැබිය යුතු සංස්කෘතික සමාජයක අප ජීවත් වන නිසාය. එය හාස්‍යයක් ලෙස ගත හැකි අදහසක් වුවද අප ඉන් අවධාරණය කරන අදහස ප්‍රතික්ෂේප කළ හැකිද නොවේ. කෙසේ වෙතත් රංඟ දිසානායක ගැන හෝ ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ එවැනි පැමිණිල්ලක් ලැබී ඇතිය යන්නවත් ගැන සාක්ෂි නැත.
අඩුම තරමේ රංඟ දිසානායක අධිකරණ සේවාවට සම්බන්ධ වන විට ඔහුගේ හතර වරිගය සම්බන්ධයෙන් සොයා බලන ජාතික බුද්ධි සේවාවේ නිශ්කාෂණ වාර්තාවේ වත් එවැනි සඳහනක් නොතිබූ බව පැහැදිලිය. එය එසේ සඳහන්ව තිබුණේ නම් එවකට ආණ්ඩුවල සිටි බලධරයන් ඔහුට අධිකරණ සේවයේ එළිපත්තවත් පාගන්නට ඉඩ නොදෙනු ඇත.

රංග දිසානායකගේ වෘත්තීය ජීවිතය

රංඟ දිසානායක සිය වෘත්තීය ජීවිතයේදී මහේස්ත්‍රාත්වරයකු හා මහාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කරන  අවදියේ ඉතා වැදගත් තීන්දු ගණනාවක් ලබා දී ඇති විනිසුරුවරයෙකි. ඔහු මොනරාගල මහේස්ත්‍රාත්වරයා ලෙස  කටයුතු කරමින් සිටියදී අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් තරංග දිසානායක නම් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයා වැරදි කරු කර ඔහු⁣ගේ මන්ත්‍රී ධුරයද අහෝසි කිරීමට කටයුතු කෙරුවේය. ලංකාවේ නීතිය අනුව ගණිකා වෘත්තිය යෙදීම වරදක් නොවන බවට විනිශ්චය කරමින් තම ගණිකා වෘත්තියේ නිරත වූ බවට චෝදනා කරමින් ඔහුගේ අධිකරණයට ඉදිරිපත් කර තිබූ කාන්තාවක රංඟ දිසානායක විනිසුරුවරයා විසින් එක් අවස්ථාවක නිදහස් කරන ලදී. එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔහු සඳහන් කර තිබුණේ මෙරට ගණිකා වෘත්තීය වරදක් ලෙස සළකන්නේ ගණිකා නිවාස පවත්වාගෙන යාම,කළමනාකරණය කිරීම හා රැකියාවේ යෙදවීම තුළ පමණක් බවය.
2020 පෙබරවාරි  14 වන දින ඩුබායි සිට මෙරටට පැමිණි උදයංග වීරතුංග පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලද්දේ එවකට කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු රංඟ දිසානායක වෙතය.උදයංඟ වීරතුංග ඇප මත මුදා හැරීමට  පොලීසිය විරෝධතාවක් නොදක්වද්දී රංග දිසානායක මහේස්ත්‍රාත් වරයා ඔහු බන්ධනාගාර ගත කෙරුවේය.
මහින්ද රාජපක්ෂ රජයෙන් එවකට සිටි අගවිනිසුරුවරිය වූ ශිරණි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ අවස්ථාවේ විනිසුරු සංඟමයේ ක්‍රියාකාරිකයෙක්ව සිටි රංඟ දිසනායක ආණ්ඩුවේ එම ක්‍රියාමාර්ගයට එරෙහිව දැඩි විරෝධතාවක නිරත විය. රංඟ දිසානායක අධිකරණ සේවයට පෙර ජවිපෙ ක්‍රියාකාරිකයෙක් ලෙස සිටියේ නම් රාජපක්ෂලා ඔහුගේ කණෙන් අල්ලා පුකට පයින් ගසා අධිකරණ සේවයෙන්  එළියට දමා අතුරුපසට වැලිකඩ බත් කන්නට සලස්වන්නේ එදවසය.
එහෙත් එවැනක් සිදූ වූ බවක් තියා රජපක්ෂලා ඔහුට එරෙහිව කටෙි කෙල බිඳක් හෙලු බවවත් මෙතෙක් වාර්තා වී නැත. නන්දන ගුණතිලක විසින් රංඟ දිසානායකට එරෙහිව සිදු කර ඇති ප්‍රකාශය නිසරු කට වාචාල කතාවක් පමණක්ම බව තහවුරු කර ගත හැක්කේ ඔහුගේ විනිසුරු වෘත්තීය තුළ ගෙන ඇති   මෙවැනි සෘජු තීන්දු නිසාය. ඔහු ගත් එවැනි තීන්දු එකක් දෙකක් නොවේ. ඒ සඳහා උදාහරණයට ගත හැකි බොහොමයක් පවතී.

රංග දිසානායක අධිකරණයට යන්න සූදානම්

එසේම නන්දන ගුණතිලක විසින් රංග දිසානායක ගේ පත්වීම අභියෝගයට  ලක් කර ඇත්තේ 2023 අංක 09 දරණ අල්ලස් හෝ දූෂණ පනතේ 19 වන වගන්තිය යටතේ කියවෙන එම කොමිෂ⁣මේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වීමට ඇති නුසුදුසු කම් අතර වන 19(1)  ඌ අනු වගන්තිය යටතේ වන විධානයන් පරිදි බව පෙනී යයි. එම ඌ වගන්තියේ දැක්වෙන්⁣නේ ” ඒ සඳහා අදාල වන්නාවූ නීති වල විධි විධානයන් යටතේ පවත්වනු ලබන ජනපතිවරයා තෝරා පත් කර ගැනීමේ මැතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා ඡන්ද විමසීම් හෝ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් වල කාර්යය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක යම් තනතුරක් දරන්නෙකු හෝ සාමාජිකයකු ලෙස කටයුතු කරනු ලැබ ඇත්නම් එවැනි යම් තැනැත්‍තකු අධ්‍යක්ෂ ජනරාල් ලෙස තෝරා පත් කර ගනු ලැබීම හෝ එසේ අඛන්ඩව ක්‍රියා කිරීමට නුසුදුස්‍සකු විය යුතු බවය. නන්දන ගුණතිලක අල්ලස් හෝ ⁣දූෂණ කොමිස⁣⁣මේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් රංඟ දිසානායක පිළිබඳව කර ඇති චෝදනාවට ඔහු⁣ගේ පාර්ශවයෙන්  පිළිතුරු දී නැතත් නියෝජ්‍ය ඇමති සුනිල් වටවල මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති ආකාරය⁣ට නන්දන ගුණතිලක කර ඇති චෝදනාවට එරෙහිව රංඟ දිසානායක විසින් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට නියමිතය. එසේම එය අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තකි. එහිදී එවැනි ක්‍රියාමාර්ගයක වටිනාකම හිමි වන්⁣⁣නේ  අල්ලස් හෝ දූෂණ කොමිෂමටය.
ඒ මන්ද යත් බොහෝ විකාර කාරයන් ගේ මංඥං  කයිවාරු වලට එරෙහිව එවැනි අධිකරණ ක්‍රියා මාර්ගයකින් ⁣නිසි ඖෂධ ලැබෙන නිසාය.
ජාජබ ආණ්ඩුව බලයට පත් වීමට පෙර අල්ලස් කොමිසම පැවතුනේ චුදිතයකු ගෙන එන සර්ප වෙදෙකු ගේ වෛද්‍ය සහතිකයකින් පවා යටත් වන  ආයතනයක් විදියටය. එහෙත් රංඟ දිසානායක එහි අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වීමෙන් පසුව සිට මේ දක්වා සිදු කළ රාජකාරිමය මැදිහත් වීම් විශාල  මහජන ප්‍රසාදයක් අත් කර ගෙන තිබේ.
වෙනදා අල්ලස් කොමිෂම මගින් නඩු පවරන ලද දේශපාලන දූෂිතයන් අළුත්කඩේ අධිකරණ භූමිය තුළදී මාධ්‍ය වෙත වොයිස් කට් දුන්නේ වීරයන්  විදියටය. එහෙත් මෑත කාලයේ අල්ලස් කොමිසම මගින් නඩු පවරන ලද එවැන්නන් දැක ගත හැක්කේ බයෙන් බිරාන්ත වූ ස්වරූපයෙනි. මේ වෙනස මෙරට නීතියේ ආධිපත්‍යය තහවුරු වෙමින් පවතින බවට වු ඇඟවීමක් ලෙස සැළකිය හැකිය.
දේශපාලනය තුළ තෙම්පරාදු වූ නන්දන ගුණතිලකට තමාගේ කට ඉස්සර කර ගැනීම ගැන ⁣මේ වන විට යම් අදහසක් තිබෙන්නට පුළුවන. එය නිවැරිදි කර ගැනීමේ වාසියද ඔහු සතුව පවතී. එහෙත් ඊට පෙර අල්ලස් ⁣හෝ දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් රංඟ දිසානායක නන්දන ගුණතිලකට පිළිතුරු සපයනු ඇති බව අපේ විශ්වාසයයි.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝගී වී ප්‍රතිකාර ගැනීමට රෝහල්වලට යන මානසිකත්වය වෙනස් කරගෙන රෝගයක් තිබේදැයි හඳුනාගැනීමට සායනවලට යන සංස්කෘතියක් ඇති කළ යුතුයි… සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති!

Next Post

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට කෝටි 19ක පොල්ලක්!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.