ශ්‍රියානි විජේසිංහ
දිනකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 15 දෙනෙකු හඳුනා ගන්නා අතර වසරකට මෙම සංඛ්‍යාව 5500ක් බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු පවසා සිටියි.
තවද පියයුරු පිළිකාව හේතුවෙන් දිනකට 3ක් මිය යන අතර මෙය වසරකට 800ක් වන බව ඇය පෙන්වාදේ.
වසර 2022දී සියලුම පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව 19457 හඳුනා ගෙන ඇති අතර මින් පියයුරු පිළිකාවට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව 5500කි. මෙය සියයට 30ක් ප්‍රතිශතයක් බවද විශේෂඥවරිය පවසා සිටියි.
පියයුරු පිළිකාව කලින් හදුනා ගැනීමෙන් සහ වෛද්‍ය නිර්දේශයන් පත ප්‍රතිකාරයන් සම්පූර්ණයෙන්ම සිදුකරන්නේ නම් රෝගය සම්පූර්ණයෙන්ම සුව කර ගත හැකි බවද වෛද්‍ය හසරැළි පැවසීය.
ඔක්තෝම්බර් මාසය ලෝක පිළිකා මාසය ලෙස නම් කර ඇති අතර එම මාසය පුරාම පියයුරු පිළිකාවන් සම්බන්ධයෙන් දැනුවත් කිරීම් ගණනාවක්ම ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (24) පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයේදී ප්‍රකාශ විය.







