බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මායිම් නොකර X-Press Feeders වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කළ පසු…

by editor
සැප්තැම්බර් 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදල ගෙවීම X-Press Feeders නෞකා සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ප්‍රංශ පුවත් සේවය (AFP) අද (සැප්තැම්බර් 23) වාර්තා කර තිබිණි.

නඩු තීන්දුවේ සඳහන් වුයේ කුමක් ද?

2021 වසරේ කොළඹ වරායට ආසන්න මුහුදු තීරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් ඇති වූ පාරිසරික මෙන් ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නෞකා සමාගමට ඉකුත් ජුලි මස 24 වැනිදා නියම කරන ලදී. එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් විය.

එම වන්දි මුදල් වසරක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බව ත්, එය කොටස් වශයෙන් ගෙවිය හැකි බව ත් සඳහන් කළ හිටපු අගවිනිසුරුවරිය එහි පළමු ගෙවීම සැප්තැම්බර් මස 23 වන දාට පෙර ගෙවීමට පියවර ගත යුතු බවටත් තීන්දු කළා ය.

මීට අමතරව මෙම ව්‍යවසනය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ ව්‍යවස්ථාපිත වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් එවක විෂය භාර අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ හිටපු සභාපති දර්ශනී ළහඳපුර සහ නීතිපතිවරයා මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවේ සඳහන් වේ.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මෙම වන්දි ගෙවීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මාස තුනකින් වාර්තා ඉදිරිපත් කළ යුතු බවට ද නීතිපතිවරයාට නියෝග කෙරිණි.

‘වන්දි ගෙව්වොත් අනෙක් රටවලට ඒක නරක පුර්වාදර්ශයක්’

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදල ගෙවීම X-Press Feeders නෞකා සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ප්‍රංශ පුවත් සේවය (AFP) වාර්තා කර තිබිණි.

එම පුවත් සේවය සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී X-Press Feeders නෞකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ෂුමෙල් යෝස්කොවිට්ස් (Shmuel Yoskovitz) පවසා ඇත්තේ වන්දි ගෙවීමක් කළහොත් එයින් පවතීන සමුද්‍රීය සම්මුතීන්ට දැඩි බලපෑමක් ඇති කරන බවය.

මෙම වන්දි මුදල ගෙවීම සිදුකළහොත් එය අනෙකුත් රටවලට ද වැරදි පූර්වාදර්ශයක් සපයන බවද ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, සිදු වූ හානිය සම්බන්ධයෙන් කණගාටු වන අතර මෙම අනතුර වෙනුවෙන් වන්දි ගෙවීම කිසිවිටෙකත් පැහැරහැරීමක් සිදුනොකළ නමුත් එම වන්දි ගෙවීම් සිදුකරන්නේ අදාළ සමුද්‍රීය සම්මුතීන්ට අනුකූලව සමස්ත අවසන් වන්දි ගෙවීම් මුදලක් ගණනය කිරීමෙන් පසුව බවය.

‘දිවුරුම් ප්‍රකාශයක් එක්ක මුදල් ගෙවීමක් කරලා තියෙනවා’

විදෙස් පාර්ශව වන්දි මුදල් නොගෙවෙන බවට ප්‍රකාශ කර තිබුණ ද එම නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම විසින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් රුපියල් මිලියන 300ක් භාණ්ඩාගාරයට ගෙවා ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ බීබීසී සිංහල සේවය වෙත පැවසුවේය.

“මේ නඩු තීන්දුවේ එක්ස්ප්‍රස් පර්ල් ගෘප් කියලයි සඳහන් වන්නේ. එතන සමාගම් 05ක් විතර තියෙනවා. මේ නඩුවේදී විදෙස් පාර්ශව මොනවා කිව්වත් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම ඊයේ (සැප්තැම්බර් 22) දිනයේදී භාණ්ඩාගාරයට දිවුරුම් ප්‍රකාශයක් එක්ක රුපියල් මිලියන 300ක් ගෙවලා තියෙනවා.”

”ඒ දිවුරුම් ප්‍රකාශයේ මේ සමාගම සඳහන් කරලා තියෙනවා තමන්ට මුදල් නැති නිසා රුපියල් මිලියන 300ක් ගෙවලා තියෙනවා. එතැනදී ඔවුන් අධිකරණයේ තීන්දුවට ගරු කරනවා කියන එකයි මේ මුලික ගෙවීමෙන් පෙන්නුම් කරන්නේ. මොකද අද වෙද්දී ඔවුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් ගෙවන්න තිබුණේ.”

”මේ නඩුවේ එක තීන්දුවක් විතරයි ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ගෙවන්න කියලා තියෙන්නේ. ඊට අමතරව මේ නඩුවේදී තවත් කරුණු කිහිපයක්ම තියෙනවා ඉදිරියේදී තීරණය කරන. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරි නඩු දිනයේ දී ඒ සම්බන්ධයෙන් අපිට වැඩිදුර තොරතුරු දැන ගන්න පුලුවන් වේවි.” මෙම නඩුවේ දෙවන පැමිණිලිකාර පාර්ශවය වන පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ පැවසුවේය.

එක්සත් ජාතීන්ගෙන් නිවේදනයක්

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර ව්‍යසනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුකූල වීම සිංගප්පූරුව පදනම් කරගත් නැව් සමාගමක් වන එක්ස්ප්‍රස් ෆීඩර්ස් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය කනස්සල්ල පළ කර තිබේ.

සිය X ගිණුම ඔස්සේ සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මේ බව ප්‍රකාශ කර ඇත.

“මිනිසුන්ට, වෙරළ තීරයට සහ සමුද්‍ර ජීවීන්ට සිදුවන හානියේ පරිමාණය සමාලෝචනය කරන ලෙස ත්, ප්‍රජාවන්ට සහ පරිසර පද්ධතියට යුක්තිය ඉටු කරන ලෙස ත් අපි නැව් සමාගමෙන් ඉල්ලා සිටිමු,” එම X නිවේදනයේ සඳහන් වේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය සමාගම් නියෝජිතයා විසින් අදාළ වන්දි මුදලින් යම් කොටසක් මේ වන විට ගෙවා ඇති පසුබිමක මේ සම්බන්ධ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගය කුමක් විය හැකි ද යන්න සැප්තැම්බර් මස 25 වැනිදා කැඳවීමට නියමිතව ඇති නඩු වාරයේදී දැන ගැනීමට හැකිවනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලිය සම්බන්ධ කිසිම කඩාකප්පල්කාරී වැඩකට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ… රජය අවධාරණය කරයි!

Next Post

ජනපති ඇමරිකා එක්සත් ජනපදයට ළඟා වේ!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.