බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැකෝ සමන්ගේ තවත් ගජයෙක් ගිනි අවියක් උණ්ඩ සහ ලක්ෂ 25ක හෙරොයින් සමග අත් අඩංගුවට…

පොලිසියේ සැඟවෙන්නට රට පුරා දුවද්දී විශේෂ මෙහෙයුමකින් සැකකරු අල්ලා ගත් හැටි...

by editor
සැප්තැම්බර් 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව  නුවන් ජයසේකර –

දැනට පොලිස් අත්අඩංගුවට පත්ව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් ,ගිනි අවියක් හා ජීව උණ්ඩ සමග වෑන් රථයකින් පළායමින් සිටියදී සූරියවැව වැවේගමදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අද (14) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් ගිනි අවිය, පතොරොම් සහ හෙරොයින්…

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙවනගල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුට  ව මනුෂ්‍ය ඝාතනයක් හා මංකොල්ල කෑම් රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලව වූ පුද්ගලයෙකි.

දැනට අත්අඩංගුවට පත්ව සිටින බැකෝ සමන් නැමැත්තා අත්අඩංගුවට පත් විමත් සමග ඔහුගේ ගෝලයන් රැසක් විවිධ ප්‍රදේශවලට ගොස් සැඟව සිටින බවට පොලිසියට තොරතුර ලැබි තිබිණි. ඒ අනුව බැකෝ සමන්ගේ ප්‍රධාන ගෝලයෙකු සෙවනගල ප්‍රදේශයේ සැඟව සිටින බවට පසුගිය 12 වන දින තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන්ට තොරතුරක් පැමිණියේය.

ඒ අනුව නිළධාරීන් කණ්ඩායමක් පසුගිය 12 වන දින සෙවනගල ප්‍රදේශයට ගොස් සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු සෙවනගල සිට අම්පාර ප්‍රදේශයට ගොස් සැඟව සිටින බවය. ඒ අනුව විමර්ශන නිළධාරීන් අම්පාර ප්‍රදේශයට ගොස් විමර්ශන ආරම්භ කර තිබේ. එහිදී අනාවරණය වී තිබුණේ සැකකරු අම්පාර ප්‍රදේශයේ සිට පොලොන්නරුව ප්‍රදේශයට පළාගොස් ඇති බවකි.

ඒ අනුව විමර්ශන නිළධාරීන් කණ්ඩායම පොලොන්නරුව ප්‍රදේශයට ගොස් ඔහු නවාතැන් ගෙන සිටි බව කියන ප්‍රදේශයේ සිදුකළ සෝදිසියේදි අනාවරණය වි ඇත්තේ සැකකරු පොලොන්නරුවේ සිට නැවත සෙවනගලට පැමිණීමට  පිටවී ඇති බවය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඒ අනුව වහා ක්‍රියාත්මක වු විමර්ශන නිළධාරීන් කණ්ඩායම   සූරියවැව ප්‍රදේශයේ විශේෂ වැටලිමක් සිදුකර තිබේ. එහිදි සැකකරු වෑන් රථයකින් ලුණුගම්වෙහර දෙස සිට සූරියවැව වැවේගම මාර්ගය ඔස්සේ පැමිණෙමින් සිටියදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් කණ්ඩායම   වැවේගම විද්‍යාලය අසලදි මග හරස් කර නවතා තිබේ. එහිදි සැකකරු වෑන් රථයේ තිබු කලු පැහැති බෑගයක්ද රැගෙන පළායාමට තැත් කර ඇත. එහිදි වහා ක්‍රියාත්මක වු පොලිස් නිළධාරීන් පළායමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු පරීක්ෂා කිරීමේදි හෙරොයින් ග්‍රෑම් 250ක්, ආරක්ෂක සේවාවේ නිරත විශේෂ බළගන සඳහා පමණක් නිකුත් කරනු ලබන 9MM වර්ගයේ උණ්ඩ යෙදිය හැකි 19 බ්ලොක් වර්ගයේ ගිනි අවියක්,ජී ව උණ්ඩ 40ක් හා බැංකු ගිණුම් පොත් 03ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් බැංකු පොත් තුනෙන් එකක් රුපියල් ලක්ෂ 30ක මුදලක්ද තිබි ඇති අතර එය මත්ද්‍රව්‍ය අලෙවි කිරිමෙන් උපයාගෙන ඇති මුදල් බවට පොලිසිය සැකකරයි.

අත්අඩංගුවට පත් සැකරු වැඩිදුර විමර්ශන සඳහා සූරියවැව පොලිසියට බාරදී ඇති අතර සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර, පොලිස් පරික්ෂක ජයවිර, පොලිස් සැරයන් වරුන්වන (44974)මංජුල, (70223)රසික, (71452)ඉංදික, (72939)සංජය ,පොලිස් කොස්තාපල් වරුන් වන (84229)සමන් හා (91504) සදරුවන් යන නිළධාරීන් එක්ව වැටලිම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දීය පන්දු යවන්නෝ පකිස්ථාන ඉනිම සුන් කරති… පකිස්ථානය ලකුණු 127කට සීමා වෙයි!

Next Post

ඉන්දියාව විශිෂ්ට ජයග්‍රහණයක් පහසුවෙන් ලබයි… පකිස්ථානය පරදා කඩුළු 07කින් දිනුම්!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.