හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු අවසන් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (09) නියෝග කළේය.
එම නියෝගය ලබා දෙන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අද නඩුව කැඳවූ අවස්ථාවේ දී අධිකරණයට කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබෙන බව දැනුම් දීමෙන් පසුවය.
විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බැවින් මෙම නඩු කටයුත්ත අවසන් කළ හැකි බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වූයේය.
ඒ අනුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුතු අවසන් කිරීමට තීන්දු කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විත්තිකරුවන්ට මහාධිකරණය හමුවේ නිසි දිනවල පෙනී සිටින ලෙස නියම කළේය.







