සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වේ.
රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධව ලද පැමිණිල්ලක් මත සිදුකරන විමර්ශනයකට අදාලව මෙම කැඳවීම සිදුකිරීමට නියමිත බව දැනගන්නට ඇත.
එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානය රජයේ මුදලින් සංවර්ධනය කළැයි විපක්ෂ නායකවරයාට එරෙහිව පැමිණිල්ල ලැබී ඇතැයි වාර්තා වේ.







