පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම් විස්සකට අධික ප්‍රමාණයකට කඩිනමින් අධි චෝදනා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ ඒ සඳහා විශේෂ කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවය. මෙම අධි චෝදනා ගොනු කරන අය අතර හිටපු මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සිටින බව අනාවරණය වේ.
පසුගිය රජයන් සමයේ දී රාජ්‍ය දේපල අවභාවිතය ඇතුළු චෝදනා ගණනාවක් සඳහා අධි චෝදනා ගොනු කිරීම නියමිතව තිබේ.







