බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමන්ගේ සේවය ජනතා සුබසිද්ධියට කැප කරන සියලුම රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කරනවා… ඕනෑම දූෂිත නිලධාරියෙකුට එරෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා… ජනපති යාපනයේ දී කියයි!

by editor
සැප්තැම්බර් 1, 2025 - Updated on සැප්තැම්බර් 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් වෙත පැවරී ඇති බලය ජනතා සුබසෙත උදෙසා යොදවන රාජ්‍ය නිලධාරින් උපරිමයෙන් ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන අතරම, එම බලය මුදල් වෙනුවෙන් යොදවන රාජ්‍ය නිලධාරින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අද ( 01)  ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

රට ගොඩනැඟීමට නම් ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය බවත් දියුණු සෑම රටකම පසුපස ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක පැවැත්ම ලෝක ලබා දී ඇති ආදර්ශබවත් පැවසූ ජනාධිපතිවරයා අද වන විට මෙරට සමස්ත රාජ්‍ය සේවකයන්ට රට වෙනුවෙන් තම යුතුකම ඉටුකිරීමට අවස්ථාව විවෘතව ඇති බව කීවේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (01) එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අද අපි යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආගමන හා විගමන ප්‍රාදේශීය කාර්යාලයෙන් සේවා ලබා ගැනීමේ පහසුකම ඇති කර තිබෙනවා. එය සංකේතාත්මකව ආගමන හා විගමන බලපත්‍ර නිකුත් කිරීමක් වුවත් ඊට වඩා විශාල ඇරමුණක් ඇතිවයි අපි මෙම කාර්යයට මැදිහත් වුණේ. අපේ සමස්ත පරිපාලන ව්‍යුහයම සකස් වී තිබෙන්නේ කොළඹ කේන්ද්‍ර කරගෙනයි. බොහෝ කාර්ය සඳහා ඈත පළාත්වල ජීවත්වන ජනතාව කොළඹට යා යුතුව තිබෙනවා.

අපේ ආණ්ඩුවේ අරමුණ මෙම පරිපාලනය ඈත පිටිසර ගම්මාන දක්වා විමධ්‍යගත කිරීමයි. රජයෙන් ඉටු කර ගත යුතු කාර්යයන් තමන්ට ඉතා සමීපව ඉටු කර ගැනීම සඳහා පහසුකම් සකස් කළ යුතුව තිබෙනවා. ලබන වසර වන විට ජනතාව රජය සමඟ සිදු කරනු ලබන සියලු ගනුදෙනු පරිගණක මෘදුකාංග පද්ධතියෙන් සහ ඔබගේ දුරකථනයෙන් කිරීමට හැකි පහසුකම් ලබා දීමේ අරමුණ ඇතිව අපි කටයුතු කරමින් සිටිනවා. අපේ ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යය වන්නේ ඩිජිටල්කරණයයි.

ඒ වගේම, රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට කටයුතු කර තිබෙනවා. එදා මෙම ස්ථානයේ පැවති දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී මම ප්‍රකාශ කළා අප්‍රේල් මාසයේදී අපි දැනෙන වැටුප් වැඩි කිරීමක් සිදු කරනවා කියලා. අපි එය සිදු කළා. ලබන ජනවාරි මාසයේ එහි ඉතිරි කොටස ලබා දීමට අපි කටයුතු කරනවා. මේ රට ගොඩනැඟීමට නම් ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. දියුණු වූ සෑම රටකටම ශක්තිමත් රාජ්‍ය සේවයක් තිබෙනවා. අපිත් රට තුළ ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනඟනවා.

ඒ වගේම, ඔබේ අත්සනට බලයක් තිබෙනවා. එම අත්සන ජනතාවගේ සේවය සඳහා යොදවනවා නම් අපි ඔබව උපරිම ආරක්ෂා කරනවා. එහෙත් එම අත්සන මුදල් සඳහා යොදනවා නම් ඊට නීතිය ක්‍රියාත්මක කරනවා. අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය ගොඩනඟන රාජ්‍යයක් අපිට අවශ්‍යයි. අපේ රට නීතිය වල් වැදුණු රටක්, රාජ්‍ය ආයතනවල ගෞරවය බිඳ වැටුණු රටක් බවට පත්ව තිබුණා. නැවත සෑම රාජ්‍ය ආයතනයකම ගෞරවය ඇති කළ යුතුයි. ඒ වගේම සැම රාජ්‍ය නිලධාරියෙකුටම යළි ගෞරවය ගෙන දිය යුතුයි. ඒ වෙනුවෙන් අපි එම ආයතනවලට පහසුකම් ලබා දෙනවා.

අපේ රට ගොඩනැඟීම මුල සිට ආරම්භ කළ යුතු තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ උතුරු පළාත පිළිබඳ විශාල සංවර්ධන සැලැස්මක් අප සතුව තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී පළමු වතාවට ආණ්ඩුවක් හදන්න උතුරේ ජනතාව ඡන්දය ලබා දුන්නා. බෙදී වෙන් වී එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන් සිටි රට ආණ්ඩුවක් කෙරෙහි විශ්වාස තැබුවා. දැන් අප කළ යුත්තේ මෙම එකතුව බිඳ වැටීමට ඉඩ නොතබා එය වඩා ශක්තිමත් කර ගනිමින් අනාගත පරපුර වෙනුවෙන් සමගියෙන් සහ සහෝදරත්වයෙන් පිරි රටක් ගොඩනැඟීමයි.

අපි දන්නවා, තැන තැන පරාජිත දේශපාලන බලවේග තමන්ගේ බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් ජාතිවාදය මෙවලමක් කර ගැනීමට උත්සාහ දරමින් සිටිනවා. උතුරේත්, දකුණේත් අද එම තත්ත්වය දක්නට ලැබෙනවා. උතුරේ හෝ දකුණේ සිදු කෙරෙන මෙම ජාතිවාදී දේශපාලනය ජනතාව වෙනුවෙන් නොවෙයි, දේශපාලකයන් වෙනුවෙන් බව අමතක නොකළ යුතුයි. ඒ නිසා උතුරේ සහ දකුණේ අපි සියලුදෙනා මේ ජාතිවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කළ යුතුයි. ජාතිවාදයට කොතැනකවත් යළි හිස එසවීමට ඉඩ නොදිය යුතුයි. ඒ පිළිබඳ අපි ඉතා දැඩිව කටයුතු කරනවා.

අපි රජයක් ලෙසත්, පෞද්ගලිකවත් විශ්වාස කරනවා යළි අපේ රටේ යුද්ධයක් එන්නේ නැහැ. ඇතැමුන් කටයුතු කළේ යුද්ධයක් එයි කියලා. අපි වැඩ කරන්නේ යුද්ධයක් යළි ඇති නොවෙන්න. අපි උපරිම ප්‍රමාණයෙන් ජනතාවගේ ඉඩම් ජනතාවට ලබා දිය යුතුයි. වසා දමා තිබෙන පාරවල් විවෘත කළ යුතුයි. අපි එකිනෙකාව සැක නොකළ යුතුයි. අපි සියලුදෙනාම යළි යුද්ධයක් ඇති නොවීමට කටයුතු කරන බව විශ්වාසයි. එම චින්තනයෙන් අපේ රට දෙස බැලිය යුතුයි. අපි අපේ රට අලුත් සමාජයක් කරා ගෙන යා යුතුයි. පැරණි අසාර්ථක දේශපාලන ව්‍යාපාර, ආගම්වාදය, කුලවාදය උපයෝගී කර ගන්නවා. ඒවා සියවසකට වඩා ඈතට අයිති දේවල්. අද ප්‍රධාන සාධකය ජාතිය, ආගම, කුලය නොවෙයි මනුෂ්‍යත්වයයි. ඒ නිසා සියලු බෙදීම් මනුෂ්‍යත්වයට යටපත් කළ යුතුයි. ඒ නිසි සියල්ලට ඉහළින් මනුෂ්‍යත්වය තියෙන රටක් අපි ගොඩනැඟිය යුතුයි. එය තමයි අපේ රටේත්, ලෝකයේත් අනාගතය වන්නේ.

මම දන්නවා බිම හාරන විට පරණ ඇට සැකිලි මතු වෙනවා. දැන් විශාල ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා චෙම්මනි ප්‍රදේශයේ තිබෙන සමූහ මිනීවළ පිළිබඳ අපි ඉතාමත් විවෘතව විමර්ශනයක් සිදු කරනවා. නැවත එවැනි සමූහ මිනී වළවල් ගොඩ නොගැසෙන රාජ්‍යයක් නිර්මාණය කිරීම අපේ අපේක්ෂාවයි.

මේ වෙලාවේ අපේ රටට අවශ්‍ය හොදම දේ අපි ඉටු කරමින් සිටිනවා. අපේ ආගමික නායකයන්, දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ නියෝජිතයන් අපි සියලුදෙනා එකම අරමුණකින් වැඩ කරමු. දේශපාලන අධිකාරිය ලෙස අපි අපේ පාර්ශ්වයෙන් කළ හැකි සියලු දේ ඉටුකරනවා. අපි සියලු දෙනා එක්ව මේ රට ගොඩනඟමු.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ යන මහත්වරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන්, ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්.පිරිතීපන් යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කෙරුණු මෙම කාර්යාලය නවීන තාක්ෂණය ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතය.
මෙතෙක් යාපනය, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශවල ජනතාවට ආගමන හා විගමන සේවා පහසුකම් ලබා ගැනීමට ඉතා දිගු දුරක් ගෙවමින් උතුරු පළාතේ පිහිටි එකම ප්‍රාදේශීය කාර්යාලය වූ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය වෙත යාමට සිදු ව තිබිණි. උතුරු පළාතෙන් ඉදිරිපත් වන විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්පත්‍ සංඛ්‍යාව ඉහළ යමින් පවතින හෙයින්, ඒ සඳහා වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක අවශ්‍යතාව ඉටු කරමින් මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරිණි.

යාපනය ජනතාවට ආගමන හා විගමන දෙපාර්තමේන්තු සේවා සැපයීම ආරම්භ කිරීම සංකේතවත් කරමින් ගමන් බලපත්‍ර 03ක් නිකුත් කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක….

Next Post

රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහිව රත්නපුර රෝහලේ වෛද්‍යවරු වර්ජනය කරති… රෝහල අකර්මණ්‍ය වෙයි!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.