බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රත්නපුර රෝහල් අධ්‍යක්ෂවරයා තනතුරේ තියාගෙන ඔහුට  එරෙහිව කළ විමර්ශනය අසාර්ථකයි… රෝහල් සේවකයෝ කියති…

by editor
අගෝස්තු 31, 2025
in පුවත්
rathnapura-hospital
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

රත්නපුර රෝහලේ අධ්‍යක්ෂවරයාගේ දරදඬු ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පස්දෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායම් විශේෂ පරික්ෂණයක් දින 3ක් පුරා සිදුකර ඇත්තේ අධ්‍යක්ෂවරයා රෝහල තුළ  සිය තනතුරේ රඳවා ගනිමින් බවත් එසේ සිදුකරන පරික්ෂණයේදී අධ්‍යක්ෂවරයාගේ දරදඬු ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට සිටි බොහෝ දෙනෙකුට එම අවස්ථාව වැලකී ගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රෝහලේ එක්තරා කාමරයක් තුළ පැවැත් වූ මෛම විමර්ශන  කටයුත්ත සඳහා සාක්ෂි ලබා දීමට යන පුද්ගලයින් කවුද යන්න අධ්‍යක්ෂවරයාට හිතවත් රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් මගින් අධ්‍යක්ෂවරයාට තොරතුරු දැනුම් දී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කර සිටියි.

මෙවැනි පසුබිමක් තුළ අධ්‍යක්ෂවරයාගේ තර්ජනයන් ලක් වූ කාන්තා පාර්ශ්වයේ කිවෙක් විමර්ශන නිලධාරින්ට කරුණු ඉදිරිපත් කිරිමට ගොස් නොමැති බවත් අධ්‍යක්ෂවරයා රෝහල් පරිබාහිරව රඳවා ගනිමින් මෙම විමර්ශනය සිදුකරන්නේ නම් එම කාන්තාවන් සාක්ෂි ලබා දිමට කැමැත්ත පළ කර ඇති බවත් සඳහන් වේ.

මේ අතර අධ්‍යක්ෂවරයාගේ මැර තර්ජනයන් හෙලා දකිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රෝහල් පරිශ්‍රයේ ප්‍රදර්ශනය කර තිබු බැනරයක් ගලවා ඉවත් කරන ලෙස රෝහලේ ආරක්ෂක අංශවලට අධ්‍යක්ෂවරයා  නියෝගයක් කර තිබේ.

එය ඉවත් නොකරන්නේ නම් ආරක්ෂක අංශ ප්‍රධානීයාව රෝහලෙන් ඉවත් කරන බවට ද අධ්‍යක්ෂවරයා විසින් තර්ජනය කර ඇති බවද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

කෙසේ නමුත් මේ වන විට ප්‍රදේශයේ මැර පිරිසක් විසින් රෝහල් අධ්‍යක්ෂවරයාව රැකගනිමු යනුවෙන් සඳහන් කරන ලද පෝස්ටර් රෝහලෙන් පිට ප්‍රදර්ශනය කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.   යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අධ්‍යක්ෂවරයාට පක්ෂපාතීත් පෝස්යටර් අලවා  ගොස් ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

“ලංකාසර” මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ තමා කිසිවක් නොදන්නා බවත්   තොරතුර ලබාදුන් පුද්ගලයින්ගෙන්ම වැඩි විස්තර ලබා ගන්නා ලෙසත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය රනිල්ට නිල ආරාධනයක් කළා”… තහවුරු කරන්න CID වෙත තවත් ලේඛන ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපති ලේකම් සූදානම්!

Next Post

වෛද්‍ය උපකරණ නැතිව ලෙඩ්ඩු පණ අදිනවා… උපකරණ පරිත්‍යාගයක ඡායාරූපයක්වත් ගන්න දෙන්නේ නෑ  … මේ මොන උද්දච්ඡකමක් ද?.

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.