හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට හෙට පෙරවරු 09ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්රකාශයක් ලබාගැනීමට මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ. මින් පෙර අවස්ථාවක දී හිටපු ජනාධිපති ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඒ සම්බන්ධව ප්රකාශයක් සටහන් කර ගත්තේය.
විමර්ශන නිලධාරීන්ට අනුව ජනාධිපතිවරයාගේ ප්රශ්නගත සංචාරයට අදාලව ශ්රි ලංකා මහ කොමසාරිස් කාර්යලයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත එවු රුපියල් එක් කෝටි හැට හය ලක්ෂකට ආසන්න ඇස්තමේන්තු මුදලක් ජනාධිපති වැය ශීර්ෂයෙන් නිදහස් කිරීමට අනුමැතිය ලබා දීතිබුණේ එවකට ජනාධිපති ලේකම් සමන් ඒකනායකය.







