අග්‍රාමාත්‍යවරිය ජාතික රෝහලට පැමිණ රනිල් වික්‍රමසිංහ මුණගැසුන බවට අසත්‍ය තොරතුරු සමාගත කිරීමේ සිද්ධියට අදාලව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව අද ප්‍රශ්න කිරීමක් සිදුකළේය.
අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව මීට අදාලව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබේ.
රක්ෂිත බන්ධනාගාරගතව සිටි රනිල් වික්‍රමසිංහ බැලීමට රනිල් වික්‍රමසිංහගේ බිරිය මෛත්‍රි වික්‍රමසිංහ සමග අගමැතිනිය මහ රෑ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට පැමිණි බවට වාර්තා වූ තොරතුරක් මාධ්‍යයට ලබා දීම සම්බන්ධව රුක්ෂාන් බෙල්ලනට චෝදනා එල්ල වූයේය.
මේ සම්බන්ධව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව වෙත අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ඉල්ලීමක් කෙරනි. ඒ අනුව විමර්ශන ආරම්භ වී ඇත.
මීට අමතරව සදාචාර විරෝධී ලෙස රෝගියෙකුගේ සෞඛ්‍ය ගැටලු වෛද්‍ය ආචාර ධර්ම බිඳ හෙළමින් මෙන්ම නීතියට පටහැනිව මාධ්‍ය වෙත ලබා දීම සම්බන්ධව ද රුක්ෂාන් බෙල්ලනට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.







