සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එජාප සජබ එක් වෙනවා… සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි!

by editor
අගෝස්තු 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජනබලවේගය හා එජාපය එකට වැඩ කිරීම වෙනුවෙන් පොදු සම්මුතියක් ගොඩනගා ගැනීමට නියමිත බවත් ඒ සඳහා දෙපාර්ශවය අතර  අදහස් හුවමාරු වෙමින් පවතින බවත් ඒ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තානායක පැවසුවේය.

ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තිස්ස අත්තානයක    පැවසුවේ  සමගි ජනබලවේගය මූලික කර ගනිමින් විපක්ෂයේ සියලුම දේශපාලන කණ්ඩායම්  එකට වැඩ කිරීම සඳහා  සැලසුම් කෙරෙන බවත් පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මේ සම්බන්ධව අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලබා ගත් බවයත්ය.

“පළාත් පාලන මැතිවරණයෙන් පසු බලය පිහිටුවීමේ ක්‍රියාවලියේ දී සියලු දේශපාලන පක්ෂ සමඟ එකට වැඩ කරලා හොඳ ප්‍රතිපල ලබා ගත්තා. ඒකාබද්ධ වීම නිසා ආයතන 101 ක බලය පිහිටුවන්න අපිට අවකාශ ලැබුණා. දැන් අපි ඊටත් වඩා ලොකු හේතුවක් පදනම් කර ගනිමින් එකට වැඩ කළ යුතුයැයි තීරණය කර තිබෙනවා.”

“ආණ්ඩුව දැන් මර්දනය ආරම්භ කරලා. ඒ වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරනවා. දේශපාලන පළිගැනීම් ඉහළ යමින් තිබෙනවා. මේ නිසා විපක්ෂයේ සියලුම පක්ෂ මර්දනයට එරෙහිව යම් එකමුතුවක් ගොඩනගන්නට තීරණය කළා. මේ සඳහා විපක්ෂ නායක සජිත් ගේ මූලිකත්වයෙන් සියලුම දේශපාලන  පක්ෂ එකට වැඩ කරනවා. එහෙම කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකර ගන්නයි. ඒ වගේම මර්දනයට එරෙහි වීමත් වත්මන් ආණ්ඩුවේ ඒකාධිපතීත්වය පරාජය කිරීමත් අපේ අරමුණක්. එකට වැඩ කිරීම සම්බන්ධව සාකච්ඡා ගණනාවක් සාර්ථකව ඉදිරියට යනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය කියන්නේ එකම කොට්ඨාසයක්. මේ පක්ෂ දෙක එකට වැඩ කිරීම සඳහා පොදු සම්මුතියක් ගොඩ නැගීම වෙනුවෙන් අදහස් හුවමාරුව ආරම්භ වී තිබෙනවා. කොහොමද මේක කරන්නේ කියලා ඉදිරි සාකච්ඡා වල දී තීරණය වෙයි. “

“ජනාධිපති වේදිකාවල සුන්දර කතා කියනවා. බොරු පොරොන්දු කොච්චර නම් මැතිවරණ වේදිකාවේ දුන්නද ?. මේ අයගේ තිබෙන්නේ පළිගැනීමේ අරමුණ විතරයි. ජනාධිපතිගේ කතාවේ සුන්දරත්වය එතුමාගේ ක්‍රියාවේ නැහැ. විපක්ෂය ඒකාබද්ධ වීම සම්බන්ධව ආණ්ඩුව තුළ ලොකු බියක් ඇතිවෙලා. ඒ වගේම ඔවුන් තුළ ලොකු දෙදරීමක් ඇතිවෙලා. ජාතික ජනබලවේගය තුළ විකල්ප අදහස් ගණනාවක් මතු වීගෙන එනවා. ද්වේෂය වෛරය මත ආණ්ඩු කරන්න පුළුවන් කියලා ඔවුන් හිතුවා. ඒත් දැන් ඒ විදිහට ආණ්ඩු කරන්න බැහැ කියලා ඔප්පු වෙමින් තිබෙනවා. ජනාධිපති මොනවා කිව්වත් විපක්ෂය ලෙස අපි බහුතරය එකතු කරගෙන අපේ ශක්තිය ඉදිරියේ දී පෙන්වනවා. “

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

“රනිල් ගේ නඩුකරය බැලුවම දේශපාලන පළිගැනීමක් බව බැලූ බැල්මටම පේනවා. වරායේ කන්ටේනර් තොගයක් කිසිදු පරීක්ෂණයක් නැතුව එළියට දැම්මා. මුදල් අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් ලබාදුන් නිර්දේශ ආණ්ඩුව තුට්ටුවකට මායිම් කළාද ?. විදුලි බල ඇමැති ඇතුළු කිහිපදෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඒවා ගැන පරීක්ෂණ නැහැ.”

“පළිගැනීම් වලින් රටක් දුවන්න බැහැ. සංචිත බැලුවොත් රනිල් බාර දෙනකොට තිබ්බ ගානමයි. ඒක වැඩිවෙලා නැහැ. ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න ගන්න පියවර මොනවාද ?. පසුගිය කාලේ හොරු කියලා අල්ලපු අය ඇප දීලා එළියට ගියා. විපක්ෂයේ සන්ධානය ගැන මේ අය බයයි. කංසා වගා කරන්න සමාගම් 07 කට අවසර දෙන්න ආණ්ඩුව සූදානම්. එදා හොඳ නැහැ කියපු කංසා, කැසිනෝ අද මේ අයට හොඳ වෙලා. මේ වගේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කළ ආණ්ඩුවක් කවදාවත් මේ රටේ තිබිලා නැහැ. ජාතික ජනබලවේගයේ පරණ නායකයෝ තමයි මේ රටේ ආර්ථිකය කාබාසිනියා කළේ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති තුමා අම්මා බලන්න අනුරාධපුරේ  ගියෙත් රාජ්‍ය දේපල අවභාවිතා කරලා නේද?. මාධ්‍ය ඇසූ ප්‍රශ්නයට විජිතගෙන් උත්තරයක්!

Next Post

රනිල් ගේ නඩුව දා අධිකරණයට පිවිසෙන මාර්ග අවහිරවන ලෙස ජනතාව රැස්කළ අය     වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න… කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කරයි!

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.