සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහා නායක හිමිවරුන් විසින් තහනම් කළ බව කී සීහෙළ ගොතම සිරි සම්බුද්ධ මහා නිකාය මල් වතු මහා නායක හිමි ඇතුළු 05 දෙනෙකුට නඩු දාන්න යයි!

08 වැනිදා අරඹන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම් සැසිවාරයට ගොස් තමන්ට අවනඩුවක් වී ඇතැයි කියන්න එම නිකායේ භික්ෂු කණ්ඩායමක් සැරසෙති...

by editor
අගෝස්තු 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට දැඩි ආන්දෝලනයක් ඇති වී තිබෙන සීහෙළ ගොතම සිරි සම්බුද්ධ මහා නිකාය නැමැති නිකායේ මහා නායක හිමි ලෙස නම් කර සිටින බදුල්ලගම්මන සුමනාසාර හිමියන් ඇතුළු එම නිකායේ හිමිවරුන් සම්බන්ධයෙන් සිදු කර ඇති අපහාසාත්මක ප්‍රකාශවලට වන්දි ඉල්ලා  මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිදාන නා හිමිපාණන් ඇතුළු පස් දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම නිකාය සඳහන් කරයි.

ස්වාධීන බෞද්ධ සංවිධානයක් ලෙස ගොඩනැගෙන සිය නිකාය පිළිබඳ තීරණ ගැනීමට වෙනත් නිකායික භික්ෂූන් වහන්සේට නීතිමය අවසරයක් නැතැයි එම නිවේදනය මඟින් පවසන සුමනසාර හිමියන් මෙයින් ප්‍රබල මානව හිමිකම් කඩවීමක් සිදුවන බවත් ඒ සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 08 වැනිදා අරඹන එක්සත් ජාතීන්ගේ 60 වැනි මානව හිමිකම් සැසියේ දී සිය භික්ෂූන්වහන්සේ කණ්ඩායමක් ඉදිරිපත් වී කරුණු දැක්වීමට ද බලාපොරොත්තුවන බවත්නි වේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ආඬියාගල බෝමළුව හෙළගම සීහෙළ ගොතම සිරි සම්බුද්ධ මහා නිකායේ මහානායක බදුල්ලගම්මන සුමනාසාර හිමි විසින් මල්වතු මහා නායක හිමියන් ඇතුළු පස් දෙනෙක් වෙත මේ වනවිට  එන්තරවාසිය නිකුත් කිරීමට තමන්ට උපදෙස් දී ඇති බව එම නිකාය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා දන්වා ඇත.

ඒ අනුව බදුල්ලගම්මන සුමනසාර හිමියන් සම්බන්ධව සාවද්‍ය හා අපහාසාත්මක කරුණු ඇතුළත් ප්‍රකාශ නිකුත් කර එම හිමියන්ගේ කීර්ති නාමයට දැඩි අගතියක් හා අලාභයක් සිදුකර ඇති බැවින් එම හානි පූර්ණය වෙනුවෙන් රුපියල් මිලියන 200ක වන්දියක් ඉල්ලා එම නිකාය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් මල්වතු පාර්ශවයේ මහා නායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් වෙත එන්තරවාසියක් යවා තිබේ.

එමෙන්ම .බදුල්ලගම්මන සුමනසාර හිමියන්ට අපහාස කරන ලදැයි කියමින් සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පහමුණේ සුමංග හිමියන්ගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ද, එම ප්‍රවෘත්ති පල කළ බව කියන බෞද්ධයා නාලිකාවෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ද, කර්ම යූ ටියුබ් නාලිකාව පවත්වාගෙන යන පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියන්ගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් ද, කර්ම යූ ටියුබ් නාලිකාව හා එක්ව වැඩසටහනක් කල බව කියන සෙවනගල සුසිත හිමියන්ගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ද ඉල්ලා ද එන්තරවාසි යොමු කර ඇත.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සීහෙළ ගොතම සිරි සම්බුද්ධ මහා  නිකායේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන කේ.අරියමග්ග හිමියන්  නමින් තවත් නිවේදනය නිකුත් කරමින් එම නිකාය වැඩිදුරත් දන්වා ඇත්තේ ලංකාවේ නීතිය අනුවත් ලංකාවේ රජය එකඟවී ඇති ජාත්‍යාන්තර මානව හිමිකම් නීති රීති අනුවත් තවත් ආගමික විශ්වාසයකට හෝ වෙනත් ආගමික අදහසක් දරන කොටසටකට හෝ පුද්ගලයෙකුට හිංසා කිරීමට, පීඩා කිරීමට, අපහාසයට භාජනය කිරීමට හැකියාවක් නැති බවය.

යම් පිරිසක් එසේ කරනවා මොන බලපෑම් පැමිණියත් නීතිමය පියවර ගන්නා බව ද, දේශිය අධිකරණ ක්‍රියාමාර්ගයකට අමතරව මේ වනවිට තම ක්‍රියාමාර්ගය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාට සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිවරයාට ද මේ වනවිට පැමිණිලි කර ඇති බවත් අරියමග්ග හිමියන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

අභිනවයෙන් බිහි කර ඇති දේශීය සුළුතර බෞද්ධ භික්ෂු නිකායට වෙනස් කොට සලකමින් ඔවුන් හිංසාවට සහ පීඩාවට පත් කරන්නේ නම් එය 1993 වියානා සම්මුතිය උල්ලංඝනය කිරීමක් බවත්, එබැවින් ඒ පිළිබඳව සොයා බලා නිසි පියවර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා වෙත දැනුම් දී තව සතියකින් පමණ ආරම්භවනන්ට නියමිත එක්සත් ජාතීන්ගේ 60 වැනි මානව හිමිකම් සැසි වාරයේ සැලකිල්ලට ගැනීම සඳහා යොමු කර ඇති බවත් අරියමග්ග හිමියන් ශ්‍රී සිය නිවේදනයෙන් දන්වා ඇත.

එමෙන්ම සිය නිකායේ භික්ෂුන් වහන්සේ පිරිසක් සැප්තැම්බර් 08 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට සහභාගී වී ජාතයාන්තර මානව හිමිකම් ක්‍රියාකාරීන්ට, එක්සත් ජාතීන්ගේ රපෝර්තුකරුවන්ට, ජාත්‍යාන්තර මානව හිමිකම් ක්‍රියාකාරීන්ට මෙන්ම ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නිලධාරීනට මෙම ප්‍රබල මානව හිමිකම් කඩවීම පිළිබඳ දන්වා සිටින බවත් එම නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

එම නිවේදනය පහත දැක්වේ

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශබන්දුට ඇප…

Next Post

හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න බලන 10 තෙක් රක්ෂිත බන්ධනාගාරයට…

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.