ශ්‍රියානි විජේසිංහ –
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25) දිනයේදී දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වීමට තීරණය කර තිබු වැඩ වර්ජනය නතර කළ බව එම සංගමය නිවේදනය කරයි.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව අතර ඊයේ (24. 08. 2025) රාත්‍රියේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවේදී වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියේ අක්‍රමිකතා නිවැරදි කිරීම සඳහා සෞඛ්‍ය ඇමති සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ලිඛිතව ලබා දුන් එකගතාවන් මත මෙම වැඩවර්ජනය නතර කළ බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේය.
ඒ අනුව අද දිනයේ සාමාන්‍ය පරිදි රෝහල්වල කටයුතු පවත්වාගෙන යන බව සංගමය පවසයි.







