ශ්‍රියානි විජේසිංහ –
සෞඛ්‍ය අමාත්‍යංශයේ දේශීය හා විදේශීය නිවාඩු අනුමත කිරීම නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇත.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක PED 05/2022 සහ එම චක්‍රලේඛවලට අනුශාංගික චක්‍රලේඛ ප්‍රකාරව තමන් මේ තීරණය ගත් බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සිය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු අංශ ප්‍රධානින්ට ලිඛිතව දැනුම් දී තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංයේ කාර්ය මණ්ඩලය නිවාඩු ලබා ගැනීම හේතුවෙන් අත්‍යවශ්‍ය රාජකාරි අඛණ්ඩව පවත්වාගෙන යාමට අපහසු වීම හේතුවෙන් මෙම පියවර ගත් බව ලේකම්වරයා සඳහන් කරයි.
එසේම එම අමාත්‍යශවල පුරප්පාඩු තනතුරු සියල්ල සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම ද සීමා කර ඇති බව ද පැවසේ.
සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ .








