බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයෙන් පොලිසියට බලපෑම් කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා විතරයි… එහෙම තියෙද්දිත් නීතිය ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට දැඩි පියවර ගන්නවා… පොලිස්පති කියයි!

by editor
අගෝස්තු 17, 2025
in පුවත්
PriyanthaWeerasooriya
Share on FacebookShare on Twitter

මේ වනවිට රජයෙන් පොලිසියට ඇති එකම බලපෑම නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස සිදුකරන බලපෑම පමණක් බවත් මේ වටපිටාව තුළත් නීතිය ක්‍රියාත්මක නොකෙරෙන්නේ නම් එය පොලිසියේ දුර්වලතාවයක් බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසුවේය.

අපරාධ මගහැරීම සඳහා කිසිම අවස්ථාවක තමන්ගෙන් උපදෙස් නොලැබෙන බව අවධාරණය කළ පොලිස්පතිවරයා එවැනි වටපිටාවක් තුළත් නීතිය ක්‍රියාත්මක නොකරන දුර්වල නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව කීවේය.

පොලිස්පතිවරයා මේ බව පැවසුවේ අද උදේ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍යය ඉදිරියේ අදහස් දක්වමිනි.

පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේ මෙසේ ද කීවේය.

“පොලීසියට කිසිදු දේශපාලන බලපෑමකින් තොරව වැඩ කරගෙන යෑමට හැකි පරිසරයක් මේ වනවිට නිර්මාණය වී තිබෙනවා.    කිසිම අපරාධයක් හංගන්න, නොසලකා හරින්න, විමර්ශනය නොකර ඉන්න පහළ නිලධාරීන්ට මගෙන් කිසිදු අවස්ථාවක  උපදෙස්  ලැබෙන්නේ නැති නිසා නිලධාරීන්ට රාජකාරිය පැහැර හැරීමක් කරන්න බැහැ. අතීතයේ එහෙම දේවල් වූ බව අපි දන්නවා. ඒ නිසා තමයි අපරාධකරුවන් නිදැල්ලේ හිටියේ. මේ දේශපාලන පරිසරයත් එක්ක ශ්‍රී ලංකා පොලීසියට වැඩ කරන්න බැරිනම් මම හිතන්නේ ඒක පොලීසියේ දුර්වලතාවක්. අපි ඒක තේරුම් ගෙන දුර්වල නිලධාරීන්ට එරෙහිව විනය හා නීති ක්‍රියාමාර්ග නොපමවා ගන්නවා. “

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

“පොලිස්පති ලෙස පත්වීමෙන් පසු මහජනතාව පැමිණිලි ඉදිරිපත් කිරීමට ලබාදුන් වට්ස්ඇප් අංකයට එක් දිනක දී පැමිණිලි 2000 ක් විතර ආවා. මහජනතාව කියා ගන්න බැරි සහ පොලීසිය නිසි ක්‍රියාමාර්ග නොගත්ත පැමිණිලි විශාල සංඛ්‍යාවක් තිබෙන බව මෙයින් පැහැදිලි වෙනවා. පැමිණිලි 2000 ක් සඳහා දිනයකින් දෙකකින් ක්‍රියාමාර්ග ගන්න බැහැ. මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් දැන් සකස් කරමින් සිටිනවා. ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් පැමිණිලිකරුට ඉක්මනින් පිළිතුරක් ලබා දෙනවා. මේ ආකාරයෙන් පැමිණිලි නොලැබෙන්න කටයුතු කරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පහළ සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. “

“පොලීසියේ  උසස් වීම් 2020 සිට නතර වී  තිබුණා. උසස්වීම් ලබාදීම සඳහා අවශ්‍යය පටිපාටිය අපි සම්මත කර ගත්තා. ඒ සම්බන්ධයෙන් අවශ්‍යය මූලික එකඟතාව ජාතික පොලිස් කොමිසමෙන් ලබා ගත්තා. අපි ඉදිරි මාසය ඇතුළත මේකට සාධනීය පිළිතුරක් ලබා දෙනවා. 2020 සිට උසස් වීම් සඳහා සුදුසුකම් ලබන නිලධාරීන්ට ජ්‍යෙෂ්ඨත්වය, කුසලතා හා  තරඟ විභාග ආකාරයෙන් කරන උසස් වීම් ලබා දෙනවා. මුලින්ම ජ්‍යෙෂ්ඨතාව පදනම් කරගෙන කරන උසස් වීම් ලබා දෙන්න අවශ්‍යය කටයුතු මේ වනවිට  සූදානම් කරමින් ඉන්නවා.”

පොලිස්පතිවරයා පැවසුවේ පසුගිය වසර තුනේ දී බඳවා ගැනීම් අත්හිටවූ නිසා පොලිසියේ නිලධාරින් තිස් දහසක හිඟයක් ඇති බවත් එම හිඟය ක්‍රමානුකූලව මගහරවා ගන්නා බවත්ය. මේ වසරේ නිලධාරින් 5000ක් ද ඉදිරි වසරේ තවත් නිලධාරීන් 10000ක් ද බඳවා ගැනීමට නියමිත බව පොලිස්පතිවරයා කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුවාන් ණය අරන් මධ්‍යම අධිවේගයේ පළමු කොටස නිමා කරන්න ජනපති කැබින්ට් අනුමැතිය පතයි!

Next Post

පාතාලය හා මත්ද්‍රව්‍ය මර්ධනය කරන්න හැකි සුදුසුම කෙනා පොලිසියේ පහළම තැන සිට මුල් පුටුවට පැමිණි ඔබයි… මහා නායක හිමිවරු නව පොලිස්පතිට කියති!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.