මෙරට 37වැනි පොලිස්පතිවරයා තෝරා ගැනීම සඳහා අද (07 ) දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වීමට නියමිතය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සදහා පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනා ලිපිය සදහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ඊයේ හිමිවීමෙන් පසු ඔහු ධූරයෙන් නෙරපා දැමුණු අතර මේ වනවිට පොලිස්පති ධූරය නැවත වරක් පුරප්පාඩු වී තිබේ.
ඊලඟ පොලිස්පති ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දමින්ද ශ්‍රී රාජිත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පොලිස් දෙපාර්තමේන්තුවේ සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨයෝ වෙති.







