බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෙවනග පැලවත්ත ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුව දිරිමත් කළාට ස්තුතියි… දැන් වෙන අරගල භූමියක් සොයා ගන්න… හඳුන්නෙත්ති විපක්ෂයට කියයි!

by editor
අගෝස්තු 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකා සීනිසමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගන කර්මාන්ත ශාලාවල උක් ගොවීන් වෙත ගෙවිය යුතු ගෙවීම් ප්‍රමාද වීම පිළිගන්නා අතරම දැන් එම ප්‍රශ්නය විසඳා ඇති බැවින් විපක්ෂයට වෙනත් අරගල භූමියක් සොයා ගන්නා ලෙස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සෙවනගල සහ පැලවත්තට සම්බන්ධ ගොවීන්ගේ නාම ලේඛනයක් ද සභාගත කරමිනි. එසේ නාම ලේඛනය සභා ගත කරනු ලැබුවේ උද්ඝෝෂණයක වාරයක් පාසා අරගල කරන ගොවීන්ගේ මුහුණු වෙනස්වන බැවින් යැයි ද ඇමතිවරයා පැවසුවේය.

ඔහු කීවේ මෙම සීනි කාර්මාන්ත ශාලා දෙකම මුහුණ දී තිබුණු දුෂ්කර මොහොත පියමන් කිරීම සඳහා අවශ්‍ය ශක්තිය හා ධෛර්ය ලැබුනේ විපක්ෂය ඇතුළු විපක්ෂ කණ්ඩායම්වල උද්ඝෝෂණවලින් ලද පන්නරය බවත් ඒ උත්තේජනය වෙනුවෙන් විපක්ෂයට ස්තුතිවන්ත වන බවත්ය.

දීර්ඝ ප්‍රකාශයක් කරමින් ඇමතිවරයා පෙන්වා දුන්නේ පැලවත්ත සීනි සමාගමට අනුබද්ධව සේවකයින් 3847ක් සහ සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට අනුබද්ධව සේවකයින් 1269ක් සේවය කරන බවය.

මෙම ආයතන භාර ගන්නා විට ස්ථාවර ගෙවීම් ලෙස ගොවීන්ට රුපියල් මිලියන 3977ක් ද, සැපයුම්කරුවන් වෙත රුපියල් මිලියන 609ක් ද බැංකු ණය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 1176ක් ද සහිතව රුපියල් මිලියන 6279ක් එනම් දළ වශයෙන් රුපියල් බිලියන 6ක් වගකීම් ලෙස පැවති බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ඒ වනවිට නිශ්පාදිත ලෙස මෙට්‍රික් ටොන් 33000ක සීනි ප්‍රමාණයක් සහ ලීටර ලක්ෂ 55ක එතනෝල් ආයතනය තුළ තිබුණු අයුරු කී ඇමතිවරයා 2025 මුල් මාස 06 තුළ සියලු දුෂ්කරතා මැද පැල්වත්ත සීනි මෙට්‍රික් ටොන් 14201 නිශ්පාදනය කළ බවත් ඉන් මෙට්‍රික් ටොන් 8568ක් අලෙවි කර. ආදායම ලෙස රුපියල් මිලියන 1652ක් ලබා ගත් බව ද පෙන්වා දුන්නේය.

සෙවනගල කර්මාන්තශාලාවෙන් සීනි මෙට්‍රික් ටොන් 4045ක් නිශ්පාදනය කළ බවත් කලින් තිබූ තොගයෙන් කොටසකුත් සමග සීන මෙට්‍රික් ටොන් 4500ක් අලෙවි කර රුපියල් මිලියන 877ක ආදායමක් ලැබු බව කීවේය.

“මේ අවුරුද්දෙ මුල් මාස 06 දි සීනි මෙට්‍රික් ටොන් 18146ක් මේ කර්මාන්ත ශාලා දෙනෙක් නිශ්පාදනය කළා. මුළු තොගයෙන් මෙට්‍රික් ටොන් 13036ක් අලෙවි කළා. අප මිලියන 2529ක් ආදායම ලැබුවා. මුල් මාස 06 තුළ සමස්ථ එතනෝල් නිශ්පාදනය ලීටර 44,43, 294ක්. ”

“දැනට නිශ්පාදිත සීනි මෙට්‍රික් ටොන් 27,292ක් එතනෝල් ලීටර
85,73,185ක් තොග තියනවා. ”

“අපට මාස දෙකක ගෙවීම් ප්‍රමාදයක් සිදුවුනා. 2025 ජූනි 02 සිට 2025 අගෝස්තු 01 දා දක්වා ගෙවීම් කරන්න බැරි වුනා. අගෝස්තු 31 වැනිදා ට ගෙවන්නට තියන මුලු මුදල 1541කුත් හරාලක්ෂ හැත්තෑ දෙදහස් හයසිය තිහක්.”

“අගෝස්තු 01 දා වනවිට සිදුකළ මුළු ගෙවීම් ප්‍රමාණය රුපියල් මිලියන අටසිය හැත්තෑ එකකුත් අට ලක්ෂ හතලිස් තුන් දහස් හාරසිය හතලිස් දෙකක්. ඒ ඇඩ්වාන්ස් පේමන්ට්, ප්‍රවාහන දීමනා අවසන් ගෙවීම් ඇතුළු සමස්ථ ගෙවීම.”

“මිලියන රුපියල් මිනිය හය සිය හැට නවයකුත් හය ලක්ෂ නව දහස් එකසීය අසූ හතක් අගෝස්තු මස 01 වැනිදා වනවිට තව ගෙවන්න තියනවා.”

“සෙවනග ගොවීන් 422කින් සහ පැල්වත්ත ගොවීන් 1898කගෙන් අපි උක් ලබාගෙන තිබෙනවා. ජුනි 02 සිට අගෝස්තු 01 දා දක්වා. මේ
ගොවීන්ගේ නාම ලේඛන සභාගත කරනවා. විපක්ෂය උද්ඝෝෂණය කරන වාරයක් ගානේ ගොවීන් කියලා කට්ටියක් එනවා. සමහර අය උද්ඝෝෂණය කරපු අය සමාගමට ණයයි. සමහර අයට ඉඩම් අයිතියක් සේවා අංක නෑ.”

පැල්වත්තේ අත්තිකාරම් සිදුකරලා ඉවයි. ගෙවන්න ඉතිරි වෙලා තියෙන්නේ අවසන් ගෙවීම් පමණයි. සෙවනගල අත්තිකාරම් මුදලින් ගෙවන්න තියෙන්නේ විසි නව ලක්ෂයයි. අද ඒ මුදල් ගිනුම්වලට යනවා. දැනට සෙවනගල ගෙවන්න ඉතිරි වෙලා තියෙන මුළු මුදල රුපියල් මිලියන දෙසීය දහයකුත් හාරලක්ෂ අසු තුන් දහස් දෙසීය දාහතක්වන අවසාන ගෙවීම පමණයි.

ගොවීන්ට ගෙවිය යුතු මුළු මුදල වූ රුපියල් මිලියන 1541න් ලංකා සීනි සමාගම ලෙස ගෙවිය යුතු මිලියන 871ක් දැන් ගෙවා අවසන්. තවත් ගෙවීමට ඉතිරිව ඇත්තේ දළ වශයෙන් මිලියන 669යි. මේ මුදල් ගෙවීමට ආදායම ලෙස මිලියන 918ක නිශ්පාදන අප සතුයි.

දැනටමත් මිලියන 412ක් අගෝස්තු 01 වැනි දා වනවිට සීනි විකිණීමෙන් අප උපයාගෙන තිබෙනවා. අගෝස්තු 15 වෙනවිට තවත් මිලියන 412ක් ලැබෙනවා. ඊට අමතරව එතනෝල්වලින් මිලියන 94ක් උපයාගෙන තියනවා. මුළු ආදායම 918ක් අප සතුයි.

අප ඉදිරියට මිලදී ගන්නා උක් වෙනුවෙන් අත්තිකාරම් සහ ප්‍රවාහන ගාස්තු වෙන් කරන්න සූදානම්.

ඉන්ධන හා උපකරණ මැෂින් සැපයුම්කරුවන්ට ජූලි මස වැටුප් ගෙවා අවසන් ආයතන දෙකේම.

දැන් අගෝස්තු වැටුප් වෙන් කරනවා. නීතිමය වශයෙන් කළ යුතු ව්‍යවස්ථාපිත ගෙවීම් තියනවා. ඒ සියල්ල සිදුකරමින් ගෙවන්නට ඇති අවසන් ගෙවීම්වලින් සියයට 40ක් අද සිට ගෙවන්න ආරම්භ කරනවා.

සීනි සහ එතනෝල් විකුණුම් මිල ස්ථාවර කරගනිමින් අවදානම් අවස්ථාව පසුකර පහසු තත්ත්වයකට දැන් අප පැමිණ තියනවා.

මෙට්‍රික් ටොන් 2300ක් වූ සීනි තොගය අඩුමිලකට විකුණා ලීටර 2,89,000ක්ව තිබූ එතනෝල් තොගය අඩු මිලකට විකුණා ගොවීන්ට ගෙවිය යුත මිලියන 1541ක මුදල් පහසුවෙන් උපයා ගන්න තිබුණා.
එසේ කළා නම් එය පරණ වැරැද්දම යළි අලුතින් කිරිමක්.

ඒ වෙනුවට ආයතනය ආරක්ෂා කරගනිමින් ගොවින් සඳහා සාධාරණ මිලක් ලබාදීම අපේ අපේක්ෂාව වුනා.

ඊලඟ යල කන්නයවන විට නැවත ආයතනය මූල්‍ය අර්බුදයකට පත් නොකර සීනි කර්මාන්තය ආරක්ෂා කරගැනීමට මේ අසීරු මොහොත පසු කරන්න අපට සිදුවුනා.

මේ අසීරු මොහොතේ ගොවි ජනතාවගේ සහ ආයතනයේ පැවැත්ම වෙනුවෙන් ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස මැදිහත් වී රුපියල් කෝටි 100ක්, අප වෙත වෙන් කර තිබෙනවා. මාසෙකට මිලියන 100 බැගින් ආයතනයට ලබා දෙනවා. එමගින් ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දෙන්න, උක් තවාන් සහ වගා කරන භූමි ප්‍රමාණය වැඩි කිරීමට එතනෝල්වල ගුණාත්මක භාවය වැඩිකිරිමට කටයුතු කරනවා.

දිස්ත්‍රික් 25 තුළම සීනි තොග අලෙවි මධ්‍යස්ථාන පිහිටුවා පාරිභෝගික ජනතාවට සහනයක් දෙනවා.

විපක්ෂයේ විවිධ පිරිස් පැල්වත්ත සෙවනගල ආණ්ඩු විරෝධයක් ඇති කරන්න හදනවා. අපගේ නාස්තිය අවම කරමින් මේ මූල්‍ය අර්බුදය පියමං කරලා තියනවා. විපක්ෂය ඇතුළු විපක්ෂ කණ්ඩායම් උද්ඝෝෂණ මෙහෙයවමින් දිරිමත් කිරිම ගැන ස්තුතිවන්ත වෙනවා.

දැන් සියලු ගෙවීම් කරලා ඉවරයි. විපක්ෂයට වෙනත් උද්ඝෝෂණ භූමියක් සොයා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැළණිය විශ්වවිද්‍යාලයේ AIESEC සංවිධානය මඟින් ඉදිරිපත් කරන ලද, සමුද්‍රීය සංරක්ෂණය සඳහා වන තරුණයන්ගේ එක් වීමේ ව්‍යාපෘතිය, Wavez 2025

Next Post

දේශබන්දු පිළිබඳ විමර්ශනය කළ කොමිසම ඉදිරිපත් කළ චෝදනා 23න් 19කට ඔහු වරදකරු කළා… 02කට අධිකරණ කටයුතු ඇති නිසා විමර්ශනය කළේ නෑ… මහජන ආරක්ෂක ඇමති කියයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.