සිකුරාදා, ජූලි 10, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශබන්දු පිළිබඳ විමර්ශනය කළ කොමිසම ඉදිරිපත් කළ චෝදනා 23න් 19කට ඔහු වරදකරු කළා… 02කට අධිකරණ කටයුතු ඇති නිසා විමර්ශනය කළේ නෑ… මහජන ආරක්ෂක ඇමති කියයි!

by editor
අගෝස්තු 5, 2025
in පුවත්
Deshabandu-Thennakoon
Share on FacebookShare on Twitter

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ධූරයේ බලතල කාර්ය සහ කර්තව්‍යයන් ඉටු කිරීම අත් හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා 2002 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ පනත යටතේ පත් කළ කමිටුව ඉදිරිපත් කළ චෝදනා 23න් යුත් චෝදනා පත්‍රයේ සඳහන් චෝදනා 4ක් හැර සෙසු චෝදනා සියල්ලටම ඔහු වරදකරු බවට ඒකමතිකව තීන්දු කර ඇතැයි මහජන ආරක්ෂක ඇමතිවරයා අද (05) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය .

2025 මැයි 19 දින එම චෝදනා පත්‍රය අදාල කමිටුව විසින් දේශබන්දු තෙන්නකෝන් වෙත භාර දී තිබිණි.

දේශබන්දු තෙන්නකෝන් වරදකරු බවට චෝදනා නොකළ චෝදනා 04න් දෙකක් සම්බන්ධයෙන් අධිකරණමය කටයුත්තක් පවතින බැවින් අදාල කමිටුව විසින් විමර්ශනයක් පවත්වා නොතිබුණ බවත් පොලිස්පතිවරයා වරදකරු යැයි චෝදනා කර ඇත්තේ වරද දෙකකට පමණක් බවත් ඔහු පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

2002 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරිමේ පනත අනුව නීතිපතිවරයා හෝ පොලිස්පතිවරයා ඉවත් කිරීමට පෙර ඔහු විසින් සිදුකර ඇති විෂමාචාර ක්‍රියා මොනවාද යන්න සොයා බැලීමට පත් කරන කමිටුවේ සාමාජිකයෙක් පත් කරන්නේ අග්‍ර විනිශ්චයකාරවරයාය. ඒ පත් කළ යුතු වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි. අනෙක් සාමාජිකයා පොලිස් කොමිසමේ සභාපතිය. ඉතිරි සාමාජිකයා අග්‍රාමාත්‍ය තුමා සහ විපක්ෂ නායකවරයාගේ එකඟත්වයෙන් පත් කරන්නෙකි.

ඒ අනුව මෙම කමිටුවට අදාලව එවකට අග්‍ර විනිශ්චයකාරවරිය නම් කර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරුට පසුව සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයාය. එමෙන් ජාතික පොලිස් කොමිසමේ සභාපති ධූරය දරන්නේ මහාධිකරණ විනිසුරුවරයෙකි. අග්‍රාමාත්‍ය තුමිය සහ විපක්ෂ නායකවරයා පත් කළ සාමාජිකයා වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරයා ද විනිසුරුවරයෙකි.

RelatedPosts

ඇය තවත් නැත…

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

විෂමාචාර ක්‍රියා සහ බලය අවභාවිතා කිරීමේ ක්‍රියා 19කට දේශබන්දු තෙන්නකෝන් වැරදිකරු යැයි ඒකමතිකව තීරණය කර ඇත්තේ අත්දැකීම් බහුල විනිසුරුවරුන් තිදෙනෙක් වීම විශේෂයක් බව මහජන ආරක්ෂක ඇමතිවරයා පැවසුවේය.

එම තීන්දුව ප්‍රකාශයට පත් වන්නේ නීතිපතිවරයා විසින් කැඳවූ සාක්ෂි කරුවන් 38 දෙනෙකුගේ සාක්ෂි විමසීමෙන් බව ද ඇමතිවරයා පාර්ලිමේන්තුවට පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෙවනග පැලවත්ත ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුව දිරිමත් කළාට ස්තුතියි… දැන් වෙන අරගල භූමියක් සොයා ගන්න… හඳුන්නෙත්ති විපක්ෂයට කියයි!

Next Post

හරක් කටාට තවත් නඩුවක්…

Related Posts

පුවත්

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ජූලි 10, 2026
දෙබිඩි නිවුන් දරුවෝ...
පුවත්

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

ජූලි 9, 2026
පුවත්

‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…

ජූලි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඇය තවත් නැත…

ජූලි 10, 2026

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ජූලි 10, 2026
දෙබිඩි නිවුන් දරුවෝ...

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

ජූලි 9, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇය තවත් නැත…
  • විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.