කොරෝනා වසංගතය හමුවේ ක්‍රිකට් ක්‍රීඩාව අධි අවධානම් ක්‍රීඩාවක් වශයෙන් සෞඛ්‍ය අංශ විසින් නම් කර ඇති පසුබිමක දැඩි නිරෝධායන නීති පද්ධතියක් තුළ ක්‍රිකට් පුහුණුව හෙට ආරම්භ වේ. ඒ පනවා ඇති නීති පද්ධතිය මෙසේය.
- ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සකස් කර ඇති සෞඛ්‍ය ආරක්ෂක නීති රීති අනුව රජය විසින් පනවා ඇති නිරෝධායනය නීති රීතිවලට සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ සෞඛ්‍ය නීති රීති අනුව සංචිත පුහුණුව පවත්වා ගත යුතුවේ.
- ඒ අනුව සංචිතයේ සිටින ක්‍රීඩකයින්ට පුහුණුවන ස්ථානය සහ නේවාසිකාගාරවලින් බැහැර යෑම සපුරා තහනම් වන අතර එසේ කරන්නේ නම් අත්‍යඅවශ්‍ය කරුණක් සඳහා නම් ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් හෝ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරයකුගෙන් අවසර ලබා ගත යුතුවේ.
- කිසිම අවස්ථාවද දෙමාපියන්, නෑදෑයින් හිතමිතුරු මිතුරියන් ඇතුළු කිසිදු බාහිර පුද්ගලයකු හමුවීමට නොහැකි අතර අත්‍යඅවශ්‍ය කරුණක් වෙනුවෙන් පණමක් විශේෂ අවසරයක් සහිතව ඔවුන්ව මුණ ගැසීමට හැකියාව ලැබේ.
- පුහුණුකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලයටද ක්‍රීඩකයන්ට පනවා ඇති නීති පද්ධතිය වලංගු වන අතර ඒ සෑම කෙනෙක්ම රජයේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු විසින් පනවා ඇති කොරෝනා සම්බන්ධ නීති පද්ධතියටම යටත්ව කටයුතු කළ යුතුවේ.
- ක්‍රීඩකයන් ඇතුළු කාර්ය මණ්ඩලය ලැඟුම් ගන්නා හෝටලයද, ඔවුන් භාවිත කරන වාහන ද දිනපතා විෂබීජහරණය කරනු ලබයි.