ලලිත් චාමින්ද –
කිසිදු පර්යේෂණ ප්‍රතිඵලයක් නොමැතිව රසායනික පොහොර තහනම් කිරිමේ අතුරු ප්‍රතිඵලයක් වශයෙන් වසර පහක් ඇතුලත 2020 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂයේ දී සහල් කිලෝවක මිල සියයට 120කින් පමණ ඉහළ ගොස් ඇති බැව් හෙක්ටර් කොබ්බැකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරිමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයකු මෙන්ම කෘෂි ආර්ථික විශ්ලේෂකයකු වන ඩබ්ලිව්.එච් දුමින්ද ප්‍රියදර්ශන පවසයි.
රුපියල් 50කට තිබු වී කිලෝවක මිල මේවනවිට රුපියල් 120,130 දක්වා වැඩිවීමත් රුපියල් 100කට ආසන්න මුදලක පැවති සහල් කිලෝවක මිල රුපියල් 220, 250 දක්වා වැඩි වීමටත් රසායනික පොහොර ප්‍රතිපත්තියේ අතුරු ප්‍රතිපල සෘජුවම හේතු වු බවද හෙතෙම පෙන්වාදෙයි.
රසායනික පොහොර තහනම් කිරිමේ අතුරු ප්‍රතිඵල මුදලින් මැනිය නොහැකි විශාල ආර්ථික හානිදායක තත්ත්වයක් බව සඳහන් කරණ ඩබ්ලිව්.එච් දුමින්ද ප්‍රියදර්ශන පසුගිය වසර පහක කාලය තුළදි වී සහ සහල්මල අසාමාන්‍ය අයුරින් ඉහළගොස් ඇති බවද සදහන කළේය.
වී සඳහා පනවනු ලබන සහතික මිලත් සහල් සඳහා පනවනු ලබන උපරිම සිල්ලර මිලත් සෑම කන්නයක් ආරම්භයේ දි හෝ අවම වශයෙන් මහකන්නය ආරම්භයේදිවත් වසර මුලදි එකවර ප්‍රකාශයට පත්කළ යුතු බවද හෙතෙම පවසයි.
උපරිම තාක්ෂණය යොදාගෙන ඒකක පලදායිතාවය ඉහළ නංවාගනිමින් වී නිෂ්පාදනය කිරිමේ වියදම පහළදමා ගැනිමට හැකි සැම පියවරක්ම ගතයුතු බවද ඩබ්ලිව්.එච් දුමින්ද ප්‍රියදර්ශන පෙන්වාදෙයි.
සාමාන්‍යයෙන් වසරකට එක් පුද්ගලයෙකු සහල් සඳහා පමණක් රුපියල් විසිපන්දහසක පමණ මුදලක් වැයකරණ බවත් පුද්ගලයකුගේ ආහාර සඳහා වැයවන වියදමින් සියයට 14කට ආසන්න ප්‍රමාණයක් වැයවන්නේ සහල් සඳහා බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.







