මාතර – උදය කුමාර රණවීර –
වැලිගම ප්රාදේශීය සභාවට සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනිම සඳහා දෙවන වරටත් අද දින පැවැත් වූ විවෘත චන්ද විමසුමෙන් සමගි ජනබලවේගයෙන් පසුගිය වැලිගම ප්රාදේශීය සභාවට තරඟ කල ලසන්ත වික්රමසේකර සභාපතිවරයා ලෙස පත්විය.
මේ වනවිට වැලිගම ප්රාදේශිය සභාව අසල ආරක්ෂාව තර කොට තිබේ.
මෙම නගර සභාවට සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනිම පසුගිය මස 27 වන දින පැවැත්වුනු අතර එම අවස්ථාවේදි ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් දෙදෙනෙකු පැහැර ගනු ලැබුවේ යැයි කියමින් එම පක්ෂයේ මන්ත්රීවරුන් හා අධාරකරුවන් වැලිගම ප්රාදේශීය සභා පරිශ්රය තුළ කලහකාරිව හැසිරිම හේතුවෙන් සභාපතිවරයා තෝරාපත් කර ගැනිම අද දින දක්වා කල් තැබිමට දකුණු පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස් තීරණය කලහ.
තත්වය එසේ තිබිය දී පසුගිය 16 වනදා ජාතික ජනබලවේගයෙන් වැලිගම ප්රාදේශීය සභාවට තරඟ කර උඩුකාව කොට්ඨාසයෙන් පත්වූ නීතිඥ තාරක නානායක්කාරගේ නිවසට වෙඩි තබා බිය ගැන්වීමේ සිද්ධික් විය.
මෙම සිද්ධිය මුල්කරගෙන නීතිඥ තාරක නානායක්කාර ම සහ ලසන්ත වික්රමසේකර සමඟ හුවමාරු වූ හඬපටයක් මේ වනවිට දැඩි කතාබහකට ලක්ව තිබේ.
මේ වන විට වැලිගම ප්රාදේශීය සභාව අසල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යොදවා ඇති බවත් මේ වනවිට සාමකාමි තත්වයක් බවතී







